කොවිඩ් පොකුර නිර්මාණය වුන හැටි හමුදාපති කියයි ….

0
181

PCRමිනුවන්ගොඩ ඇඟලුම් කාර්මාන්ත ශාලාව ආශ්‍රීතව හඳුනාගත් කොවිඩ් නයින්ටීන් පොකුර විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකු හෝ පිරිසකගේ අතපසුවීමක් තුළින් බිහිවන්නට ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.එහිදි ඔහු අවධාරණය කරන්නට උත්සාහ ගෙන තිබුනේ  මෙරට සමාජය තුළ සිටි කොවිඩ් නයින්ටීන් රෝගියෙකුගෙන් අදාළ කර්මාන්ත ශාලාවේ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමට කිසිදු හැකියාවක් නොමැති බවය.

මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට වෛරසය ආසාදනය වන්නට ඇත්තේ විදෙස් රටක සිට පැමිණි පුද්ගලයෙකුගෙන් හෝ පිරිසකගෙන් විය හැකි බව ඊයේ (07) රාත්‍රී ටි.වි.දෙරණ ඔස්සේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබුණි
මේ අතර පසුගිය දින කිපය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ බ්‍රැන්ඩික්ස් වෙත කොවිඩ් එන්නට ඇතැයි සැකකරන අයුරු ගැන විවිධ සටහන් පළවන්නට විය.
ඒවා අතර ඉන්දියාවේන් පැමිණි පිරිසක් ගැන මෙන්ම ඉන්දියාවෙන් ගෙනවන ලද රෙදි ගැනද පළව තිබුණි

කෙසේවෙතත් ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් නිරෝධායනය නොවී අදාළ කර්මාන්ත ශාලාවේ සේවයට පැමිණ ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව එම වැඩසටහන සමග එක් වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එමෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනය මේ පිළිබදව නිවේදනය නිකුත් කර තිබුණි
එහෙත් හමුදාපතිවරයා කියන අන්දමට විදේශ රටකින් පැමිණ පිරිසකගෙන් යන සැකය තවමත් බැහැර කළ නොහැකි සාධයක්ව පවති