කොවිඩ් වලට වඩා ශීඝ‍්‍ර ලෙස රට පුරා ඩෙංගු ව්‍යාප්ත වෙයි !

0
65

කොවිඞ් වෛරසයට වඩා ප‍්‍රබලව සහ ශීඝ‍්‍ර ලෙස රට පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍යරුක්ෂාන් බෙල්ලන කියා සිටි බව ‘‘දිවයින’’ වාර්තා කර තිබේ.

මදුරු ඝනත්වය ඉහළ යෑමත් සම`ග ඩෙංගු වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් එය සියයට 600 සාපේක්‍ෂව බස්නාහිර පළාතේ වැඩි අගයක් පෙන්නුම් කරන බවද හෙතෙම කියා සිටි බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

මෙම තත්ත්වය තේරුම් ගනිමින් ඩෙංගු මර්දනය සඳහා මේ මොහොතේ ප‍්‍රමුඛත්වය ලබාදිය යුතුව ඇතැයි ද කී ඒ මහතා කොවිඞ් පසු පසම දිවයෑම කාලෝචිත නොවන බවද පැවසීය
මේ අතර මිගමුව තුලද මේ වන විට ඩෙංගු ඉතාමත් වේගයෙන් පැතිර යමින් තිබේ. උණ රෝගින් සදහා වෙන්කර ඇති වාට්ටුවල ඉඩ කඩ පිරියන තරමට මිගමු රෝහල ඩෙංගු රෝගින් වාර්තා වේ .