කොස් රංජිටත් 4 weel එකක් ?

0
131

kos ranji 2kos rani 4kos ranji 5කටුනායක හා අවට පාපැදියකින් කොස් අලෙවියේ  යෙදෙන සුන්දර මිනිසෙකි.
අප ඔහු පිළිබදව සටහනක් අපගේ වෙබ් අඩවියේ තැබුවෙමු.
ඉන් සතියකට පමණ පසු අප නිවස ඉදිරිපිට ඔහුගේ සුකුරුත්තන් පාපැදිය කොස් ලෝඩ් එකක් සමගින් නවතා ලු රංජි අපෙන් විමසා සිටියේ ”මහත්තයා මං ගැන මොනව හරි  වෙබ් එකක දාල තියෙනවාද”
මම ඒ ඇයි දැයි ඔහුගෙන් පෙරළා විමසා සිටියෙමි.
”නෑ මහත්තයා මගෙන් කොස් ගන්න මහත්තයෙක් මගෙන් ඇහැව්වා ඔයා ගැන නේද වෙබ් එකේ දාල තියෙන්නේ කියල. ඒ ගෙදර හිටපු නෝනල එහෙමත් එළියට ඇවිත් බැලුවා.මහත්තයා මට කියන්නකෝ ඒක බලන්නේ කොෙහාමද කියල.”
මම පසුව ඔහුට අප අඩවියේ පළවු ඒ ලිපිය පෙන්විමි.
රංජිත්ට හරිම සතුටුය.
”අනේ මහත්තයා මට මේක කොළයක ලියල දෙන්න අපේ නැන්දලටත් බලන්න කියන්න.”
කෙසේ හෝ දැන් කොස් රංජිත් වෙබ් ගැන උනන්දුය. පසුව ඔහු තවත් අයට අපගේ වෙබ් පිටුව පෙන්වා තිබුණි.
මෑත දිනකදි යළිත් කොස් රංජි අප සොයා පැමිණියේ ඔහුගේ 4weel එක ගැන කියන්නටය.
”මහත්තයා මම හිතන්නේ කාටවත් නෑ මේ වගේ 4weel  ඇති කියල
එකක් අනේ මහත්තයා මේකත් අපි දාමුද”???
කොස් රංජි මේ 4weel එකට මාරුවි ඇත්තේ කොස් ලෝඩ් එකත් එක්ක මෙය පැදගෙන යාමට ඇති ලේසිය නිසාය.

 http://www.meepura.com/stories/%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92

.