කොළඹ කොමසාරිස්තුමියගේ පරිසර ප්‍රේමය …

0
192

තරුණ දූ දරුවන් පිරිසක් විසින් පරිසර විනාශ ගැන කිම සදහා කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල මහ මගේ ඇද තිබුන චිත්‍රයක් ගලවා දැමිමට පරිසර පොලිසිය විසින් ගලවා දැමිමට කටයුතු කර තිබිම ගැන දැවැන්ත විරෝධයක් ඊයේ දිනය පුරාවට මතුව තිබුණි.
සමාජ මාධ්‍ය තුල පවා වැඩිම අවධානයක් දිනා ගත් සිදුවිම බවටද එය පවත්ව තිබුණි.
මේ අතර කොළඹ නාගරික කොමසාරිස්තුමිය විසින් මේ ගැන මාධ්‍ය හමුවේ කළ පැහැදිලි කිරිම ගැන බරපතල විවේචනයන් මෙන්ම උපහාසයන්ද එල්ලවන්නට පටන් ගෙනය.
ඇය කියා තිබුනේ පරිසරය රැකිම ගැන කියන්නට ඇද තිබුන මේ සිතුවම එල්ලා තිබුන ආකාරය අනුව පරිසරටය හානි සිදුවන නිසා එය ඉවත් කළ බවය.
මේ ගැන සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබන සමාජ ක්‍රියාකාරිණියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු කියා තිබුනේ බදු ගෙවන ජනයාට සාධාරණයක් ඉටුනොකරන කොමසාරිස්ලා හැම තැනම සිටින බවය.
මේ සියල්ල තුල අප මතක් වන්නේ මිගමුවේ කොමාසාරිස්තුමිය ගැනය. ඇයද දේශපාලකයන්ගේ පදයකට නටන රාජ්‍ය පරිපාලන සේවයම ගද ගස්සන කුප්‍රකට චරිකයක් බවට පත්ව තිබේ