කොළඹ මානව හිමිකම් උළෙලට වව්නියාවෙන් බස් තහනම්

0
110

ආරක්ෂක අංශ නිළධාරින් අද සවස වව්වනියාවේ බස් හිමියන් වෙත ගොස් දන්වා ඇත්තේ හෙට දින කොළඹ පැවැත්වෙන මානව හිමිකම් උළෙල සදහා මොනම හේතුවක් නිසාවත් නොයා යුතු බවයි. කෙසේ වෙතත් එසේ යන්නේ නම් බස් හිමියන්ගේ පර්මිට් තහනම් කරන බවද දන්වා ඇත.
එමෙන්ම මීගමුවේ මුද්‍රණාලයකට ගිය බුද්ධි අංශ නිළධාරින් විමසා ඇත්තේ කොළඹ මානව හිමිකම් උළෙලට අදාල ලිපි ද්‍රව්‍යයක් මුද්‍රණය කර ඇතිද යන්නයි.
මේ අතර ඊයේ දිනයේ මෙන්ම අදත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල මානව හිමිකම් උළෙලට විරෝධය පළ කරමින් පොස්ටර් අලවා තිබුණි.
සමගි බලය විසින් අද පැවැති පුවත් පත් සාකච්ජාවේදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් එහි සංවිධායකයන් පවසා සිටියේ මෙම උළෙල තේමාවම චොගම් ප්‍රඥාප්තිය පිළිපදින ලෙසත් LLRC නිර්දේශ ක්‍රියාක්මක කරන ලෙසත්ය.එසේ නම් එය රටට එරෙහි කුමන්ත්‍රණයක් වන්නේ කෙසේදැයි විමසා සිටියේය.chogm logo