කොළඹ මාර්ග තදබදයට බෝට්ටුවෙන් විසදුමක් !

0
51
මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා බෝට්ටු සංචාරය නීරීක්ෂණය කළ අයුරු

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය යනු පත්වු කිසිදු රජයකට ස්ථිර විසදුමක් ලබාදිමට  හැකියාවක් නොතිබුණ ක්ෂේත්‍රයක්ව තිබේ.
මේ සදහා ගතහැකි වෙනත් විකල්ප ක්‍රියාමාර්ග තිබුණද ඒවා විසදුම් ලෙසින් ක්‍රියාවට නැගි තිබුනේ නැත.
මේ පසුබිම යටතේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට  පියවර ගෙන ඇත.

ශ්‍රි ලංකා නාවුක හමුදාව මගින් නිර්මාණය කළ වායුසමනය කළ මගී ප්‍රවාහන බෝට්ටුවක් මේ සදහා යොදා ගැනේ.
මෙම සේවාව ඇරඹීමත් සමග කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා විනාඩි පහළොවකටත් වඩා අඩු කාලයකින් ගමන් කිරීමේ හැකියාව පවතී. මෙය මාර්ග තදබදයට කදිම විසඳුමක් ලෙස හඳුනාගෙන ඇත.
ඊයේ ඇරඹි මේ සේවාවේ පළමු ගමන් වාරයට මහනගර ඇමති චම්පික රණවකද එක්ව සිටියේය.
අධික මාර්ග තදබදයක් පවතින බැංකොක් වැනි නගරයේද අති සාර්ථක බෝට්ටු සේවයක් ක්‍රියාත්මකය. මාර්ග තදබදයට හසුවු කාලය නිකරුනේ ගෙවා දමන්නට වන මගින් හට මහත් අස්වැසිල්ලක් වි තිබේ.
ඡායාරූපය- දිණමිණ