කොළඹදි ජනබලය නන්නත්තාර වෙද්දි මිගමුවේ තවමත් කළු සල්ලි බලය රජ කරයි !

0
77

Bribe-for-Passport-Police-Verification-1024x682(6.30 am ) කළු සල්ලි වලින් පාලනය වන ලංකාවේ ප්‍රධාන නගරය වන්නේ මීගමුව යැයි අප අවස්ථා ගණනාවකදිම කරුණු සහිතවම පෙන්වා දි  ඇත්තේමු.
රාජපක්ෂලාගේ දේශපාලනය නන්නත්තාර කරමින් පුස්සක් වු ජන බල මෙහෙයුම සහ යහපාලනයේ මහත්මා ස්වරූපය විසින් රටතුල ප්‍රබල ජනමතයක් ගොඩනගා ඇති මොහොතක මීගමුවේදි කළු සල්ලි කුමාර වරුන් තවදුරටත් ගේම් ගසමින් සිටිති.
යහපාලනය ගෙන ඒමට මහන්සි නොවු ඇතැම් කූල්ටූර් පාර්ලිමේන්තු මන්ත්‍රිලාට මීගමුව යනු රාත්‍රි සමාජ ශාලාවක්ම පමණි.
එහෙත් ප්‍රගතිශිලින්ට නම් මීගමුව යනු රාජපක්ෂලා හා ලංසාලාගේ හවුල් පවුල් පාලනය එක මිටට තබා අන්ත පරාජයකට ලක්කළ ලංකාවේ ප්‍රධාන පෙළේ නගරයක්මය.
තතු එසේව තිබියදි එජාපයේ ඇතැම් නාගරික මන්ත්‍රිලා සිතු සිතු මොහොතේ කළු සල්ලි වලින් නටවන කළු සල්ලි කුමාරවරුන්ගේ  කෑලි බවට පත්ව ඇති පසුබිමක ඊට උඩගෙඩි දෙන්නට යහපාලන රජයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිලාම කටයුතු කරන්නේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ මෙය වඩාත් බරපතල ලෙසින් තේරුම් ගත යුතුව තිබේ.
හිතු ගණන්වලින් මුදල් පමණක් නොව ඇතැමුන් වඩාත් කැමැති තවත් දෑද දොල පිදේනි ලෙසින් ලබාදෙමින් මීගමුවේ එජාප බලය අඩපණ කිරිම සදහා සංවිධානාත්මක මෙහෙයුමක් දැන් දියත්ව තිබේ.
මේ යථාර්ථය නිසි ලෙසින් තේරුම් නොගන්නා එජාපේ සිනි බෝල මන්ත්‍රිලා කිපදෙනෙකුම දැන් කළු සල්ලි වල බල මහිමය නිසා පගර නැට්ටන්ගේ තත්වයට පත්ව තිබේ.
මේ නිසාම මිගමුවේ ප්‍රගතිශිලි ජනයා මේ යථාර්ථය තේරුම් ගෙන පෙරට ආ යුතුව තිබේ.
කොටින්ම කියන්නේ නම් කළු සල්ලිවල රහ වැටුන ඇතැම් ගරු පියවරුන් පවා ගිණි කන වැටුන ගානට දැන් කළු සල්ලි කුමාරවරුන් උඩදමන දැන්විම් ලබාදෙන මට්ටමට පත්ව තිබේ.
ඇත්ත වශයෙන් එවන් පියවරුන් පාප්තුමන්ගේ නියෝජිතයන් යැයි අප නම් කිසිලෙසකින් වත් විශ්වාස නොකරමු.
මන්ද පාප්තුමන් කියා ඇත්තේ මොනයම් ආකාරයකින් හෝ කළු සල්ලි පල්ලිය තුලට වද්දා නොගත යුතු බවය.