ඛේදවාචක විකුණාගෙන කන දේශපාලකයන්ට රෝස්ගෙන් චෝදනාවක් ?

0
74

රෝස් 1rose 2(10.10 am ) ඛේදවාචක විකුණාගෙන කෑමත් දැන් ඇතැම් දේශපාලකයන්ගේ බඩගෝස්තර දේශපාලනයේම කොටසක් බවට පත්වි තිබේ.
පසුගිය පාස්කු ඉරුදින ලංකාවට කිතුණු දේවස්ථාන වලට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලින් වැඩිම දෙනෙකු විපතට පත්ව තිබුනේ කටාන ආසනයේ ග්‍රාමසේවක වසම් වලය.
තතු මෙසේව තිබියදි එජාප කටාන සංවිධායකවරිය වන රෝස් ප්‍රනාන්දු මහත්මිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා තිබුනේ කටානේ ඛේදවාචකය මිගමුවේ ඇතැම් දේශපාලකයන් විසින් දැන් විකුණාගෙන කන තත්වයකට පත්ව ඇති බවය.
ඇය මෙසේ චෝදනා කරන්නේ කාටද ?
දේශපාලනය වෙනුවෙන් ලැබෙන ඕනැම අවස්ථාවක් තමන්ගේ නොවන අන් අයගේ මුදල් වලින් අතදිගහැර වියදම් කිරිමට දේශපාලකයන් රුසියෝය.ඉන් නොනවතින ඒ ඒ සියල්ල මුහුණු පොත හරහාද දැන් අගේට විකුණාගෙන කමින් සිටිති.
ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප වෙනුවෙනි.
එ අනුව මිගමුවේ කප් ගහපු පවුලක්ද වෙයි.
එජාප කටාන සංවිධායකවරිය මේ ඇගිල්ල දිගුකර සිටින්නේ ඒ පවුල වෙතද ?