ගණිතය අසමත් සිසුන්ට උ.පෙළ හැදෑරීමට අවස්ථාවක්

0
152

 

fdgdstudents 3_CI

අපොස සා/පෙළ ගණිතය අසමත් සිසුන් සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයන් හේතුවෙන් 26/2014 චක‍්‍රලේඛය කි‍්‍රයාත්මක නොවන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එහි මෙසේද සඳහන්ය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය අසමත් වන සිසුන්ට ගණිතය සමත් කර දීමේ පදනම මත උසස් පෙළ පන්තියට ඇතුළත් වීමට අවස්ථාව තිබුණි. අධ්‍යාපන අමාත්‍යාංශය 2014.07.28 දිනැතිව 26/2014 අංකයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කොට එය අවස්ථා දෙකක් දක්වා වැඩි කර තිබුණි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ ඉහත චක‍්‍රලේඛයේ සඳහන් කොට ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් 6 ක් හා සම්මාන 3 ක් සහිතව සමත් වී එහෙත් ගණිතය විෂය අසමත් සිසුන් සඳහා එළඹෙන වර්ෂ දෙකක් ඇතුළත අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී ගණිතය සමත්වීමේ පදනම මත අපොස උසස් පෙළ කලා විෂය ධාරාව හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ඇතුළත් තාක්ෂණවේදය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව හිමි බවයි.

එසේම අදාළ චක‍්‍රලේඛයේ උසස් පෙළ හදාරණ සිසුන්ගෙන් ගණිතය සමත්වීමේ කාර්ය වෙනුවෙන් සිසුන් 20 කට වැඩි ප‍්‍රමාණයක් සිටින පාසල්වල ගණිතය අතිරේක පන්තියක් පැවැත්වීමට ද උපදෙස් දී ඇත. නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් පාසල් පද්ධතිය තුළ නැත.

ගණිතය අත්‍යවශ්‍ය විය යුතු බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කරන අතර, ගණිතය අසමත් සිසුන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති මෙම චක‍්‍රලේඛය පිළිබඳ විධිමත් දැනුවත් කිරීමක් මේ දක්වා සිදු නොවීම තුළ මෙම චක‍්‍රලේඛය කි‍්‍රයාත්මක නොවේ. මේ පසුබිම තුළ ගණිතය විෂය සම්බන්ධයෙන් හා අසමත් වූවන් සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.
http://lankafocusnews.com/