ගන්නා දුරකථන ඇමතුමටත් පණිවිඩ එවා අපට උපදෙස් දෙන පාලකයන් ඇත්තටම අපට ආදරෙයිද ????????

0
179

samsung_mobile_reuters_336( 12.15 pm ) කොරෝනා පාලනය කොට අප්‍රේල් 19 වෙනිදා සුභ පණිවිඩ දෙන බව කියා සිටිමත් සමගින් දුරකථන ඇමැතුම් ගන්නා විට ලැබෙමින් තිබුණ කන්දොස්කිරියා පණිවිඩ ටිකද එකපාරටම නැවති තිබුණි.එහෙත් කොළඹ බණ්ඩාරනායක මාවත ඒ සියල්ල වෙනස් කළේය.
දැන් යළිත් දුරකථන කන්දොස්කිරියාව පටන් ගෙනය.
දැන් එය සැබැවින්ම මළ වදයක්ය.
අනික එය දැන් වැඩියෙන්ම දැනෙන්නේ ඇත්තටම රටේ පාලකයන් අපේ හෙම්බිරිස්සාව ගැනත් පණිවිඩ එව්වද ඒ අයට දැන් සැබැවින්ම අවැසි ඇත්තේ මහමැතිවරණයක් පවත්වා බලය තහවුරු කරගැනිමේ නොනිත් ආශාව පමණක් බව  අපට හොදහැටි වැටෙහෙද්දි එහෙනම්  එනෙම් මොන මඟුලටද අර කන්දොස්කිරියා පණිවිඩ එවන්නේ දැයි අසන්නට වන බවය.
දැන් කෙසේ වෙතත් අපේ ආරක්ෂාව අප විසින්ම සලසා ගත යුතුය යන පණිවිඩය රටේ බුද්ධියක් ඇති සැමට හදවතට පමණක් නොව බඩටම වදින්නට දැනි හමාරය.
ඒ නිසා වෙන මොක නැතත් අනේ අර දුරකනයෙ කන්දොස්කිරියා පණිවිඩ ටික නවත්තලා දාන්න .
දැන් හරිනේ .
සතුටුයිනේ . .
මහ ජන්දේට දිනත් දාගත්තනේ ……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here