ගමක් විපතට පත්කළ මීගමුවේ නීති විරෝධි පාලමක් කඩා ඉවත් කිරිමට ගෝඨා පාලනයටත් බැරි වෙයි ?

0
171

IMG-20200902-WA0031IMG-20200902-WA0034රටේ ජනයා ජනපති ගෝඨාභය අකුරටම නීතිය ක්‍රියාත්මක කරන දේශපාලකයෙකු ලෙස හදුනාගෙන තිබුණද සැබැවින්ම රටපුරා සිදුවන දේවල් ගැන බලන කළ එය එසේම නොවන බව දැන් ඉතා පැහැදිලි  ලෙසින් ඔප්පු වෙමින් තිබේ.
මීගමුවේ ජනතාව මේ ගැන කියා සිටියේ අපුරු කථාවකි.
ප්‍රධාන ඇලක් ( දෙපා ඇල) හරස් කරමින් පළාත් පාලන නීති ප්‍රකාර කිසිදු අවසරයක් ලබානොගෙන ඇල පතුලටද දැවැන්ත කොන්ක්‍රිට් අතුරනයක්ද සහිතව ඇල හරහා සිදුකර තිබෙන නිති විරෝධි ඉදිකිරිම ඉවත් කිරිමට මේ වනතුරුත් මිගමුව නගර සභාවේ ඉජිනේරුවරයා ඇතුළු සකලාකාර නිළධාරින් අපොහොසත්ව සිටිති.
මේ නිති විරෝධි ඉදි කිරිම නිසා දැන් දින කිපයක් තිස්සේ පෙරියමුල්ලේ පුවක්වත්තේ ජනයා මහත්වු පිඩාවකට ලක්ව ඇත්තේ සිය නිවෙස් ජලයෙන් යටව තිබිම නිසාය.
පසුගිය දිනවල නගර සභා නිලධාරින් කිප දෙනෙකු වරින් වර පැමිණියද ඒ කිසිවෙකුත් ජනයාට සහන ගෙනෙන පිළිතුරක් දිමට අපොහොසත්ව සිටිති.
මේ පාලම ඉදිකරනු ලබන මැක්ස් නම් සුරතල් සුනඛයා වෙඩි තබා ඝාතනය කළැයි චෝදනාවට ලක්ව සිටින විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා චණ්ඩියට අදිමින් එහි සියළු නිළධාරින්ට කියා සිටින්නේ පාලම කඩදැමිමට තමන් කිසිලෙසකින් වත් ඉඩ ලබා නොදෙන බවය.
එමෙන්ම මාධ්‍ය හමුවේ අදහස් දැක්වු මේ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ බිරිද කියා සිටියේ මේ පාලම තමන්ගේ වියදමින් ඉදිකරගැනිමට නගරාධිපති දයාන් ලංසා සහ තාක්ෂණික නිළධාරි රන්මුතු විසින් අනුමැතිය දුන් බවය.IMG-20200904-WA0007IMG-20200902-WA0021

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here