ගම්පහ දිස්ත්‍රික්කයට ඇමතිකම් සීමාවන ලකුණු ?

0
85

MR-voteමේ දිනවල දේශපාලන සමාජයේ වැඩිම කථා බහකට ලක්ව ඇත්තේ තමන් සහය පළ කල දේශපාලකයාට ඇමතිකමක් ලැබෙන්නේද නැද්ද යන්න ගැනය.බලයට පත් රජය ඇමති කම් සිමා කරන්නට ඇති සුදානමක් ගැනද සඳහන්ය.මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබ තේරිපත්වු වැඩි පිරිසක් සිටිති.ඒ අනුව ඒ සියල්ලටම ඇමතිකම් ලැබෙන්නේද යන්න දැන් ගැටළුවකි.මේ අය අතුරෙන් වැඩිම මනාප ලැබු නාලක ගොඩහේවා අනිවාර්යයෙන්ම ඇමතිලැබිමට නියමිතව ඇතැයි යම් ඉඟ පළවන්නට පටන් ගෙන ඇත.එමෙන්ම දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංගද මෙවර ඇමතිකමකට හිමිකම් කිමට නියමිතය.ගම්පහ දිස්ත්‍රික්කයේ තෙවනියට මනාප ලැබු ඉන්දික අනුරුද්ධට පෙර හිමිව තිබුන නිවාස රාජ්‍ය ඇමතිධුරයම බොහෝ විට ලැබෙනු ඇතැයි කියැවේ.මීට අමතරව ගම්පහින් හතර වෙනි තැනට මනාප ලැබු සිසිර ජයකොඩිද සිටි.නිමල් ලංසා සිටින්නේ ඊටත් පසුවය.මේ අනුව නිමල් ලංසාට පෙර සිසිර ජයකොඩිට ඇමති කමක් හිමිවිය යුතුයැයි ඔහුගේ ආධාරකරුවන් දැනටමත් පක්ෂ නායකයන් වෙත කරුණු කියමින් සිටින බව ඔහුට සමිප අරාංචි මාර්ග සඳහන් කරයි.ශ්‍රීලනිපයෙන් තරඟ වැදුන ලසන්ත අලගියවන්නද සිටි.පාර්ලිමේන්තුවේ තෙවන සැසියට තේරීපත්වි සිටින සුදර්ණි ප්‍රනාන්දුපුල්ලේද ඇමතිකමකට සුදුසුකම් සම්පුර්ණ කර සිටි.කෙසේ වෙතත් මේ අයුරින් දැනටමත් ඇමතිකම් බලා සිටින අයගෙන් සහ ඊට නියම සුදුස්සන් ගෙන් ගම්පහ දිස්ත්‍රික් පිරි පවති.කෙසේ වෙතත් පවතින සිමාකිරිම් යටතේ ගම්පහට ලැබෙන ඇමතිධුර ගණන සීමා වීමට බොහෝ විට ඉඩ ඇතැයි දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here