ගම්පහ දිස්ත්‍රික්කයට තීරාණාත්මක ජයග්‍රහණය අත්කර දුන් මීගමුවට ජාතික ලයිස්තුවේ දොරඇරෙයිද ?

0
98

අලියාවසර 22 කට පසුව මීගමුවට ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකු තෝරාපත්කර ගැනිම සදහා වු අවස්ථාව මෙවරත් ගිලිහි ගොස් ඇත.
රාජපක්ෂ සහ ලංසාලාගේ පවුල් වාදයෙන් මීගමුවෙන් පුර්ණ වශයෙන්ම නිදහස් කරගැනිම පිළිබදව මෙන්ම ගම්පහින් වැඩිම ඡන්ද ගණනකින් ජයග්‍රහණය කළ ආසනය විම ගැන එජාප පාක්ෂිකයන් අතර ඇතිව තිබෙන සතුටට ඇති එකම පරහ වි තිබෙන්නේ තමන්ගේ ආසන සංවිධායකයාව පාර්ලිමේන්තුවට යැවිමට නොහැකිවිම ගැන ඇති කණගාටුවයි.
ගම්පහ දිස්ත්‍රික්කය දිනන්නේ මීගමුවේ වැඩි ඡන්ද 30000 නිසාවෙනි. බෝනස් ආසනයක් එකතු වන්නේ ද ඒ නිසාමය.
මේ පසුබිම යටතේ ජාතික ලයිස්තුවෙන් මීගමුවට අවස්ථාවක් උදාකර දිය යුතුය යන ප්‍රබල මතයක් මේ වන විට මීගමුව තුල නිර්මාණය වෙමින් තිබේ.ඒ වෙනුවෙන් විවිධ කණ්ඩායම් දැනටමත් විවිධ ඉල්ලිම් කර ඇති බවද සැලය.
එබැවින් වසර 22 කට පසුව හිමිකරගන්නට සිතා සිටි පාර්ලිමේන්තු අසුන සදහා ජාතික ලයිස්තුවේ දොර විවර වේදැයි මහත් අපෙක්ෂාවෙන් මීගමුවේ එජාප ක්‍රියාකාරින් බලාසිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here