ගම්පහ දිස්ත්‍රික්කයේ පෙරහුරු මැතිවරණය හෙට මිගමුව වැල්ලවීදියේදි !

0
81

eletionඉදිරි මහ මැතිවරණයට පෙර  සෞඛ්‍ය නිරෝධායන විධිවිධාන අනුව ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න දැනුවත් කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු මැතිවරණයක් හෙට (13) මීගමුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී පැවැත්වේ.

හෙට පෙරවරු 10 සිට පස්වරු 12.30 දක්වා කාලය තුළ මෙමපෙරහුරු  මැතිවරණය පැවැත්වෙන බවත් මේ සඳහා සෞඛ්‍ය අංශ නිලධාරීන්, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හා  පොලිස් නිලධාරීන් සහභාගි වන බවත් ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

මෙම පෙරහුරුව සඳහා ඡන්ද දායකයන් ලෙස 200 දෙනෙකු සහභාගි වන බව ද හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබදව මිපුර ට අදහස් දක්වා සිටි ඡන්ද නිරික්ෂකයෙකු කියා සිටියේ වැල්ලවිදය එළඹෙන මහහැතිවරණයේදි මැතිවරණ නිති උල්ලංසණය විමට වැඩිම ඉඩ ඇති නගරය බවත් ඒ නිසාම මැතිවරණ නිරික්ෂකයන්ට හොද පෙර හුරුවක් ඒවා වැලැක්විමට දැන් සිටම ලබාදිය යුතු බවත්ය.
මිගමු මැතිවරණ ඉතිහාසයේ වැඩිම මැතිවරණ වංචා දුෂණ පැවැති ප්‍රදේශය ලෙස ප්‍රකටව ඇත්තේ පොහොට්ටු ඇමති නිමල් ලංසා ගම වන වැල්ලවීදියයි.