ගම්පහ දිස්ත්‍රික්කයේ මෛත්‍රිට ගෑවුණු දෙන්නත් ලග තියාගෙන ප්‍රසන්න කරපු කථාව …..

0
43

prasanna 1පොහොට්ටු දිස්ත්‍රික්ක නායක ප්‍රසන්න රණතුංග ඊයේ මිගමුවේ ආසන බලමණ්ඩල රැස්විමට පැමිණ තිබුණි. එය සංවිධානය කර තිබුනේ මැතිවරණ නිතිවලටද පටහැනිව යමින් නගරාධිපති දයාන් ලංසා සිය නිළයේ බලයද පාවිච්චි කරමිනි.
කෙසේ වෙතත් දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කය තුල මතුව ඇති බරපතල දේශපාලන විරසකය මැද ප්‍රසන්නගේ පැමිණිම ඉතා වැදගත් යැයි එහි පැමිණ සිටි බහුතරයක් සිතනවාට සැක නැත.
එහෙත් දැනටමත් ප්‍රසන්න රණතුංග විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුල ආඥාාවක් පණවා තිබේ. ව
එනම් මෛත්‍රිට ගෑවුණු කිසිවෙකුටත් ඡන්දය දෙන්නට එපා යැයි කියමිනි.පසුගිය සතියේ මිනුවන්ගොඩ පැවැති රැස්විමකදිද මේ පිළිබදව යලි අවධාරණය කර තිබුණි.

“මම හොද ශ්‍රී ලංකා කාරයෙක්. හැබැයි මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ එල්ලුවාට පස්සේ අපි ඒ පක්ෂයෙන් ඉවත් වෙලා නියම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සහිත නව දේශපාලන පක්ෂයක් ගොඩ නැගුවා. අපේ නායකයා මහින්ද මහත්තයා. .
මේ පක්ෂය හදනකොට මෛත්‍රී අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දනවා බවට තර්ජනය කළා. අපිව පක්ෂ සංවිධායක ධූර වලින් ඉවත් කළා. අපෙන් පළිගන්න බොරු නඩු පැටලෙව්වා. අදටත් අපි ඒ නඩු වලට යනවා. එහෙම කරලා බැලුවේ අපිව නවත්තන්න. හැබැයි ජනතාව හිටියේ අපිත් එක්ක.

රටටත්, පක්ෂයටත් කරපු විනාශයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වග කිව යුතුයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න ශ්‍රීලනිපය එකතු වුණු බව ඇත්ත. ඒත් මේ මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේනව එකතු කර ගැනීම මා පෞද්ගලිකව විරුද්ධයි. ඔහුට අපේක්ෂකත්වය දුන්නු එක වැරදියි.
lansa12
මෛත්‍රී හැමදාම කළේ පාවා දීම්. කොයිවෙලේ ඔහු අපිව පාවා දෙයි ද මට නම් සැකයි. ගියපාර ජනාධිපතිවරණයේ දී මෛත්‍රී වචනයක් කථා කළේ නෑ. යටින් උදව් කළේ සජිත්ට.  ඒ නිසා අපිට සැකයක් තියෙනවා ඔහුගේ කණ්ඩායමක් දිනවගෙන අපිට කිසියම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මම කිව්වේ මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා.”

ඒ බරපතල ප්‍රකාශයේ දැඩිම බලපෑමට ලක්ව සිටින ගම්පහ දිස්ත්‍රික්ක අපෙක්ෂකයන් දෙපලද වේදිකාවේ තබාගෙන සිය අදහස් ප්‍රකාශ කොට තිබුනි.
රාජපක්ෂලාට සිග්නල් දමා මෛත්‍රි දෙසට හැරවු නිමල් ලංසා හා සුදර්ශණිව දේශපාලනිකව කොන්කිරිම ප්‍රසන්නගේ දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රධානතම ඉලක්කයකි.
එහි බලපෑම දැන් ඉහලින්ම ක්‍රියාත්මක විම නිසා ලංසා මෙන්ම සුදර්ශණිද අකිකරු කළු බැටළුවන් බවට ගම්පහදි පත්ව තිබේ.
ප්‍රසන්නලාගේ මේ දේශපාලන මෙහෙයුම ඉදිරියේදි තවත් තිව්ර වන බව දැනටමත් ඉතා පැහැදිලි අතර විශේෂයෙන්ම මිගමුවේ ජේෂ්ඨ දේශපාලනඥයන් රැසක්ද දැනටමත් ඒ මෙහෙයුම වටා පෙළගැසි හමාරය.
එය කළඑළි බහින්නට ඇත්තේ දිනවකවානු පිළිබදව ගැටලුවක් පමණි.