ගම්පහ නගරයට පැමිණි 50 කින් 9 කට කොරෝනා

0
111

කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවක් පෙන්නුම් කළත් සමාජය අතර වයිරය ශරීරගතවූවන් සිටීදැයි යන්න හදුනාගැනීම සඳහා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ගම්පහ මහ නගර සභාව  සිදු කළ අහඹු රැපිඩ් ඇන්ජින් සහ පී.සී.ආර් පරීක්ෂණයේදී ආසාදිතයන් 9 දෙනෙකු හදුනා ගත් බව සෞඛ්‍ය අංශ පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ගම්පහ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළ අසලදී මහමග ගමන් ගන්නා පුද්ගලයන්   අහඹු ලෙස පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර ඇත. 

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ 50 දෙනකු අතුරින් 9 දෙනකු ආසාදිතයින් බව හදුනාගත් බවත් නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසීය.

ඒ් අනුව පෙනි යන්නේ සමාජය තුල වෛරසය තවදුරටත් පැතිර යමින් ඇති බවය. මේ නිසාම රට විවෘත කිරිමත් සමගින් වඩාත් වගකිම් සහගත ලෙසින් ජනතාවට කටයුතු කිරිමට පටන් නොගන්නේ නම් සෞඛ්‍ය අංශද පවසන ආකාරය තත්වය තවත් බැරැරුම් වනු ඇත.