ගම්පහ රෝහල් අධ්‍යක්ෂකට එරෙහිව හෙද ,හෙදියෝ විරෝධතාවයක…..

0
84

Gampaha hospitalබොහෝ රෝහල්වල පරිපාලනය භාරව කටයුතු කරනු ලබන ප්‍රධානින් එහි සේවක මණ්ඩලය හා වඩාත් සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම අපොහොසත්ව සිටිති.
මේ නිසාම එහි බරපතල පාඩුව විදින්නට සිදුව ඇත්තේ එහි සේවාව ලබන රෝගින් හටය.
මෙයට ආදාලව නවතම සිදුවිම වාර්ථා වි ඇත්තේ ගම්පහ රෝහලෙනි.
ඒ රෝහල් අධ්‍යක්ෂවරයා තම රාජකාරියට බාධා පැමිණුවේ යැයි චෝදනාවද සමගින්ය.
එයට එරෙහිව මේ වන විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ හෙද හෙදියන්  වැඩ වර්ජනයක නිරතව සිටිති.
ඔවුන් විසින් එය අරඹා තිබෙුනේ පසුගිය 10 වෙනිදාය.

වර්ජනයේ නියුතු හෙද හෙදියන් පෙන්වා දෙන්නේ තම රාජකාරි අධීක්ෂණයට වෙනත් විශේෂ ශ්‍රේණියේ නිලධරින් තිදෙනෙක් සිටින බැවින් ඊට රෝහල් අධ්‍යක්ෂවරයාගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවයි. හෙද හෙදියන්ගේ පැමිණීමේ ලේඛනය පිළිබඳ පවා රෝහල් අධ්‍යක්ෂවරයා සොයා බැලීම අනවශ්‍ය මැදිහත් වීමක් බව ඔවුහු අවධාරණය කර සිටිති.

.මේ තත්වය තුල ට රෝහලෙහි හදිසි ප්‍රතිකාර අංශය හැර සායනික ශල්‍යාගාර ඇතුළු සියලුම රෝගී සත්කාර සේවාවන්ගෙන් හෙද හෙදියන් ඉවත්ව සිටිති.

මේ සම්බන්ධව ඊයේ (11 වැනිදා) දින රෝහල් අධ්‍යක්ෂවරයා සහ හෙද හෙදියන් අතර සාකච්ඡාවක් පැවති අතර එයද විසඳුමකින් තොරව අවසන් වූ බව අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පවසා තිබුණි.