ගලක් පෙන්වා සොරකමේ යෙදෙන කාන්තාවක්

0
117

මීගමුව මූලික රෝහල ඉදිරිපිටදී කාන්තාවකගේ පවුමක පමණ රත්‍රං මාලයක් සොරකම් කර තිබේ.
මීට සති දෙකකට ඉහතදී මෙම සිදුවීම සිදු වී ඇති අතර මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ මීගමුව බෝලවලාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇය රෝහල ඉදිරිපිට බස් නැවතුම්පල අසල සිටින අවස්ථාවේ වයසක කාන්තාවක පැමිණ මැයට පවසා ඇත්තේ මෙහි නිතර මාල කඩන හොරු ගැවසෙන හෙයින් මාලය ගලවා ගන්නා ලෙසයි. එම කීම අසා මාලය ගලවා ගත් පසු වසසක කාන්තාව විසින් මේ තැනැත්තිය වෙත, ලංව ගලක් පෙන්වා පවසා ඇත්තේ මෙම ගල ලක්ෂ ගානක් වටින බැවින් මිලදී ගන්නා බවයි.එම ගල දුටු විටම සිහිය විකල් වී ගිය බව සොරකමට ලක් වූ තැන්ත්තිය පවසයි.එවිට වයසක ගැහැනිය පැමින තම මාලය රැගෙන බලා පවසා ඇත්තේ අලංකාර මාලයක් යන්නයිි.
පසුව මෙම වයසක ගැහැනිය විසින් මේ මාලට රැගෙන ගොස් ඇත.නැවත සිහිය ආ විට සොරකමට ලක් වූ ආකාරය සිහිවී ඇති අතර පසුව මීගමුව පොලීසියට දැනුම් දී ඇත.
මෙවැනි සිදුවීම කිහිපයක් මීගමුව නගරය ආශ්‍රිතව සිදුවී ඇති බව මීපුරට වාර්තා වේ.
රහස් පොලිසිය බව පවසා ද පුද්ගලයන් මෙම සොරකම් වල නිරත වී ඇත.තවද පැනි රස හා ටොෆි වැනි දෙවල් කැමට දීමේන් පසු මාල කඩා ගැනීම් හා මුදල් පසුම්බි සොරකම් කිරීම් වැනි සිදුවීම් ගනනාවක් සිදුවූ බව අපට වාර්තා වේ.එම නිසා තමන් ගමන් කරන මාර්ගය හා අවට තුල කල්පනාකාරීව හා මුනගැසෙන පුද්ගලයින් පිළිබඳයින් පිලිබඳ විමසිල්ලෙන් කටයුතු කරන බව මහජනතාවගෙන් ඉල්ලමු.images

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here