“ග්‍රාම ශක්ති” නිවාස වැඩපිළිවෙළට ඉහළ ප්‍රමුඛතාවයක්

0
224
දැනට ස්ථීර නිවාස නොමැතිව තාවකාලික කූඩාරම් හා පැල්පත්වල දිවි ගෙවන ඉතා දිළිඳු පවුල්වලට නිවාස ලබාදීම සඳහා දියත් කළ “ග්‍රාම ශක්ති” නිවාස වැඩපිළිවෙළ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන ලෙස පුළුල් කර ඇත.
 colombo_homeless
උදාගම්මාන වැඩපිළිවෙළ යටතේ පිරිනැමෙන ණය ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලැබීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති පවුල් සඳහා නැවත අයකරගනු නොලබන රුපියල් 500,000ක නිවාස ආධාරයක් ලබාදී ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළට ඔවුන්ද ප්‍රතිග්‍රහණය කරගැනීම මේ යටතේ සිදු කෙරේ.
“ග්‍රාම ශක්ති” නිවාස වැඩපිළිවෙළ සඳහා රජය විසින් ලබාදුන් රුපියල් මිලියන 250ක මුදලින් නිවාස 500ක් ඉදිකිරීම මේ වන විටත් ආරම්භ කොට ඇත. මෙරට නිවාස සංවර්ධනය සඳහා ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 6000ක මුදල ද මුළුමනින්ම ග්‍රාම ශක්ති නිවාස වැඩපිළිවෙළ වෙනුවෙන් යෙදවීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත. ඒ යටතේ දිස්ත්‍රික්ක 25තුළ තවත් නව නිවාස 1200ක් ඉදිවනු ඇත.
“ග්‍රාම ශක්ති” වැඩපිළිවෙළ යටතේ නිවාස හිමිකරගන්නා පවුල් වෙනුවෙන් විවිධ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක වනු ඇත.

sinhala.news.lk