ගැණුම්කාරයෝ හිඟවෙයි ! මීගමුවේ මාළු මිළ තරමක් පහලට !

0
154

Screenshot_20191220_075051පසුගිය සතියට සාපෙක්ෂව මිගමුව පිටිපන ලෙල්ලමේ මාළු මිළ අද තරමක් පහලට ගොස් ඇති බව වාර්ථාවේ.
එහෙත් වෙනදා මෙන් පිටපළාත් වලින් එතරම් මාළු තොග පැමිණ ඇති බවක්ද නොපෙනේ. වෙනදා මෙන් අදත් වැඩිපුරම පැමිණ ඇත්තේ දකුණෙන් එන ලින්නා මාළු වර්ගයයි.

ලින්නා
ලින්නා

කෙසේ වෙතත් පසුගිය සතියේ රු 350 ත් රු 400 ත් අතර මිළක වු ලින්නා අද රු 270 ක් දක්වා පහලට ගොස් තිබේ.
එහෙත් සැලකිය යුතු වශයෙන් මාළු මිළදි ගැනිම සදහා ගැණුම්කරුවන් පැමිණ නැතැයි ලෙල්ලමේ ආරංචි මාර්ග දක්වා සිටි.
මේ අතර අද සුඩයෝ කිලෝවක් රු 130 කි.ඇටවල්ලා රු 430 කි.බලයා රු 450 කි.කෙලවල්ලා රු 580කි.පොඩි ඉස්සා රු 700 කි. මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් රු 900 කි . හුරුල්ලා රු 450 කි.පරව් රු 550 කි.
වෙන සැරවල මේ දිනවල මාළු මිළට ගැනිම සදහා පැමිණෙන ගැණුම්කරුවන් බහුල වුවද නත්තල සමයත් උදාවි තිබුණද ගැණුම්කරුවන්ගේ බරපතල හිඟයක් පවති.