ගිනිනිවන වාහන තියෙන්නේ ලොක්කන්ගේ දරුවන්ට ප්‍රවාහන පහසුකම් දෙන්නද ?

0
100

red cabමීගමුව මහනගර සභාවේ අයති ගිනි නිවන අංශය සතු රතු කැබ් රථය ඇත්තේ එහි විශේෂ සේවාවන් සදහාය
එහෙත් පසුගිය කාලය තුල මීගමවේ ආණඩු පක්ෂ මන්ත්‍රිවරුන් සිය කටයුතු සදහාද මෙය යොදාගැණුනි.
දැන් තත්වය තවත් වෙනස් වි යමින් නිළධාරින්ගේ දරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයිම සදහාද එය යොදාෙගන ඇති බවට සනාථ වෙමින් තිබේ.
පසුගිය දිනක ගිනි නිවන අංශය වෙත ගිය මීගමුව නාගරික කොමසාරිස්වරයාට දැනගන්නට ලැබි ඇත්තේ කැබ් රථයේ ධාවන සටනේ සිය පුත්‍රයාව එහෙ මෙහෙ ගෙන යාම සදහා කැබ් රථය භාවිතා කර ඇති සටහන්ද ඇති බවය.
ඉන්  කිපුණු  කොමසාරිස්වරයා කියා ඇත්තේ ගිනි නිවන අංශයේ නිළධාරි සමන්ගේ දරුවන් කැබ් රථයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දෙනකොට ඒවා  මේ පොත් වල ලියන්නේ නැද්දැයි සැර දමා විමසා ඇති බව අපගේ ආරංචි සනාථා කර සිටි.