ගිල්බට්ගේ මව සහ මුන්නක්කරයේ ප්‍රියංගනී

0
50


මුන්නක්කර‌ය ග්‍රාමයේ විසූ මේරි ඇනට් ප්‍රියංගනී නම් එක් දරු මවක් හදිසි හෘද රෝගී තත්ත්වයකින් පසුගියදා මිය ගිය ගියාය. ඇය සහ ඇගේ මරණය පිළිබද පුවත ප්‍රවෘත්තියක් වූයේ ඇය අසාමාන්‍ය බරකින් යුත් කාන්තාවක් හේතුවෙනි. මෙම ප්‍රවෘත්තිය පසුපස හඹාගිය අපට දැනගන්නට ලැබුණේ කිලෝ 750 ට ආසන්න බරකින් යුත් දිළිදු කාන්තාවගේ ජීවිතයේ ඇති ශෝචනීය කතාවයි. ඇය එක්දරැ මවක් වූ අතර ඇගේ ශරීරයේ බර අසාමාන්‍ය ලෙස වර්ධනය වූයේ පසුගිය දස අවුරැද්දක කාලය සිට බව ඇගේ ඥාතීන් පැවසූහ. ඇගේ විවාහය ද කඩාකප්පල් වී සැමියා ද ඇය හැර ගොස් තිබිණි. මෙම කාන්තාවගේ ශරීරයේ බර වැඩිවීම හේතුකොට ඇයට කිසිදු රැකියාවක් කර ගැනීමට දනොහැකි තත්ත්වයක පසුවී ඇති අතර අසල්වාසීන් හා ඥාතීන් විසින් ඇයට ආහාරපාන ලබා දුන් බව ඔව්හු පවසති. ඇදුමක් ඇදීමට ද වැඩිපුර රෙදි ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඇයට ඇදුම් සපයා ගැනීෙම්දී  මෙන්ම ගමන් බිමන් යාම් වලදී ද ඉතා අපහසු කාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවූ බව ඥාතීන් පවසති. ඇයගේ මරණයෙන් පසු ද ඇයගේ දේහය සම්බන්ධයෙන් මතුවූ ගැටළු අප වාර්තා කළෙමු.

මේරි ඇනට්ගේ කතාව ඇසූ විට මට මතක් වූයේ 1993 දී ඇමරිකාවේ තිරගත වූ චිත්‍රපටයකි. What’s Eating Gilbert Grape නම් වූ මෙම සිනමා පටයේ ප්‍රධාන රංගනය වන Gilbert Grape ගේ චරිතයට පනපොවන්නේ ජොනී ඩෙප් නමැති රංගන ශිල්පියායි. එමෙන්ම එමෙන්ම ගිල්බට්ගේ සොහොයුරාගේ චරිතය  ලියනාඩෝ දි කැප්රියෝ විසින් රගදක්වයි.
ගිල්බට්ගේ මව (බොනී) අධික තරබාරු කාන්තාවකි. සිය සැමියා
සිය දිවි නසාගැනීම නිසා ඇය මානසික කඩාවැටීමකට ගොදුරැවන අතර ඇය අවුරැදු
07කින් පමණ නිවසින් පිටතට නොපැමිණෙයි.   නිවසේ දෙවන මහලේ සෝපාවට වී රෑපවාහිනය නැරඹීම හැරෙන්නට ඇය කිසිදු කාර්යයකට නැගිටින්නේ නැත.
මෙම නිවසේ ජීවත්වන අනිත් සාමාජිකයන් වන්නේ ගිල්බට් සහ ඔහුගේ නැගණියන් දෙදෙනාත් මන්ද බුද්ධික බාල සොහොයුරාත් පමණි. ගිල්බට්ගේ රාජකාරි වලින් විශාලතම රාජකාරිය වන්නේ ඔහුගේ බාල සොහොයුරා වන අර්නිව බලා ගැනීමයි.
සිය නගරයට විදේශිකයන් ඇදී එනු ඇතැයි ඔවුන්ගේ එක් බලාතපොරොත්තුවකි. එමගින් නගරය යළිත් දියූණූවට පත්වු පසු ඔවුන්ගේ ගොවිපළට කලදවසක් එනතෙක් ඔවුන් බලාහිදී. මේ අතර ගිල්බට් ගේ ජීවිතයට විවිධ හැල හැප්පීම් අතර රසවත් සිදුවීම් ද එක්වෙයි.

සිය සොහොයුරා අර්නි ගිල්බට්ගේ අවධානයෙන් මිදුණ වහාම කරන්නේ ගසකට හෝ කිසියම් උස් ස්ථානයකට නැගීමයි. එක් දිනක් අර්නි නගරයේ ඇති වතුර ටැංකියට නැග ගත් අතර ඔහුව ඉන් බස්සා ගැනීමට ගිල්බට්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවෙයි. නගරයේ සිටින ආරක්ෂක නිලධාරියෙකු බොනිට අවවාද කරන්නේ නැවත වරක් මෙසේ සිදුවීමට ඉඩ නොතබන ලෙසයි. ගිල්බට් සිය සොහොයුරා රැක බලා ගැනීම මෙන්ම තම කර පිට ඇති පවුලේ ආර්ථිකය ද වෙනුවෙන් නගරයේ වෙළද සැලක සේවය කරයි. ඔහු සිය තරුණ කාලය පවුලේ සියලු බර දරමින් සිය මන්ද මානසික සොහොයුරාව රැකබලාගනිමින් තමන්ගේ අනාගත බලාපොරොත්තු සමග ගත‌කරන අතර සුන්දර යුවතියක්ද ඔහුට මුණ ගැසෙයි. දිනක් ගිල්බට් නිවසේ නැති මොහොතක අර්නි නැවතත් නගරයේ වූ වතුර ටැංකියේ මුදුනටම නැග සිටියදී පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනීයි. මෙවර ගිල්බට් මුහුණ දෙන්නේ ඉතා අසීරැ අවස්ථාවකටයි. ඔහුට අර්නිව නිදහස් කර ගැනීමට නොහැකි වෙයි. මෙම සිදුවීමෙන් කෝපයට මෙන්ම මහත් සංතාපයට පත්වන ඔවුන්ගේ මව බොනී අවුරුදු ගණනාවකින් පසු සිය නිවසෙන් පිටතට පැමිණෙන්නේ සිය බාල පුතු නිදහස් කර ගැනීම සදහායි. පොලිස් ස්තානය වෙත යන බොනී කෙසේ හෝ අර්නිව පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කර ගෙන නිවසට පැමිණෙයි. ඇය නිවසෙන් පිටතට ගිය එම අවස්ථාවේදී ඇය දෙස බලන විවිධ අය ඇගේ තරබාරු ශරීරයට සිනහා සෙති.
අර්නිගේ මෙම ක්‍රියාවෙන් පසු ගිල්බට් මහත් සිත්තැවුලකට පත්වී සෙොහොයුරා සමග අමානපව ද සිටී.
කාලය ගෙවී යයි. දිනක් අරනි සිය මව සිටින උඩු මහලට ගොස් බලන විට ඔහු දකින්නේ බොනී නිදාගෙන සිටින බවයි. ඔහු ඇයව අවදිකරන්නට උත්සාහ දැරෑව ද ඇය අවදි නොවේ. මේ පිළිබදව කලබල වන පවුලේ සැවොම ඇය අසලට විත් බලන විට සිය මව මියගොස් ඇති බව තහවුරැ කර ගනියි. ගිල්බට් සහ ඔහුගේ නැගණියන් සිය මව ඔවුන්ව හැරගොස් ඇති බව දැනගත් පසු මහත් ශෝකයටත් මහත් අසරණ තත්ත්වයකටත් පත්වේ. ගිල්බට් සහ නැගණියන් දෙදෙනා මුහුණ දෙන ඊළග ගැටළුව වන්නේ මවගේ දේහය එළියට ගැනීම පිළිබදවයි. ඒ සදහා උදව්වට මිනිසුන් කීප දෙනෙකු අවශ්‍ය වන බව තේරැම් ගන්නා ඔවුන් පිටස්තරයෙකුගේ උපදෙස් පතයි. නමුත් මවගේ දේහය එළියට ගැනීම සහ මෙයට තවත් පුද්ගලයින් සම්බන්ධ වීම මගින් විදින්නට විය හැකි අපහසුතා තේරුම් ගන්නා ඔවුන් වෙනත් තීරණයකට එළඹෙයි.

නිවසේ සියලු වටිනා බඩු ඉවත්කර සිය කළමණා පොදි බැද ගන්නා ගිල්බට් සහ නැගණීයන් දෙදෙනා අර්නිව ද රැගෙන නිවසින් පිටතට පැමිණෙයි. හිස් වූ නිවසේ උඩු මහළේ සිටින සිය මවට සමුදෙන ඔවුන් මවත් සිමගම නිවස ගිණිබත් කරයි. පාර අයිනට වී ගිනි ගන්නා සිය නිවස දෙස බලා සිටින ඔවුන් ගේ දර්ශනය මහත් සංවේගයක් උපදවයි. මවගේ මරණයට බාහිර කිසිවකුත් සහභාගී නොකරගන්නා ගිල්බට් සහ ඔහුගේ නැගණියන් අරනිව ද රැගෙන අලුත් බලාපොරොත්තු සමග පිටත් යයි.

ගිල්බට් සහ ඔහුගේ නැගණීයන් මුහුණ දුන් එම ගැටළුව මුන්නකරයේ මේරි ඇනට්ගේ ඥාතීන් ට මුහුණ දෙන්නට සිදුනොවුණත් යම් යම් ගැටලු වලට ඔවුන් මුහුණ දුන්නේය. ඇයව නිවසේ සිට රෝහල දක්වා ගෙනයාමට නොසෑහෙන පරිශ්‍රමයක් ඔවුන් දරා තිබූ අතර, ඇයගේ දේහය ට සුදුසු මිනී පෙට්ටියක් මංගල මල් ශාලාවක් විසින් විශේෂයනේ ඇණවුම් කර සාදා ගෙන්වූ අතර දේහයට සිල් තබා තිබුණේ මීගමුව රෝහලේ ශීතාගාර දොරවල් වලින් ඇගේ දේහය ඇතුල් කරන්නට නොහැකිව තිබු බැවිණි. කෙසේ වුවද නොවැම්බර් 10 වනදා සැදෑවේ ඇගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් එක්වූ ගම්වාසින් සහ නෑයන් එක්ව ඇනට් ප්‍රියංගනීගේ දේහය භූමදාන කළහ. ඇගේ අවු 2කක් වයසැති පුංචි දියණිය ඥාතීන් විසින් රැකබලා ගැනිමට ඉදිරිපත්වූ බව ද දැනගැනීමද සතුටට කරුණකි.