ගිලෙන්නේ නැතුව නාන්න එන්න මෝරවලට ….

0
237
dig

 

මේ දවස්වල තියෙන පට්ට අව්ව නිසා හැමෝම ඉන්නේ වේලිලා වගේ .අව්වත් එක්කත් තරහවෙලා . වැස්සක් එනකන් බලං ඉන්නව වගේ .
මිගමුවේ අයට නම් වාසනාවක් තියෙනව  මෝරවල පැත්තේ යන්න මොකද මේ දවස්වල මුහුද වලාලයි . හරියට කලපුවක් වගේ . ඒ තරම් නිශ්චලයි . ඒ  හින්දම මෝර වලට දැන් සෑහෙන සෙනගක් එනව පවුල් පිටින් විනෝද වෙන්න.
සෙනසුරාදි ඉරිදා ෆුල් ක්‍රවුඩ් ..සතියේ දිනවල නම් ෂේප් .

අපි මිට කලින් මෝරවල ගැන ලියපු ලිපියක් නැවත පලකරනවා දැකපු නැති අයට බලන්න

මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්.
අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා.
මිගමු මුහුදේ වලාල කාලය දැන් පටන් අරන්  . ඒ හින්දම එහි සුන්දරත්වයත් වැඩියි.

කොහොම උනත් මුහුදේ නාන ආස කරන  අයට නම් මේක අපුරු තැනක්.
නිවාඩු දවස්වල මේ සුන්දරත්වය විදගන්න විශාල පිරිසක්  මෝර වලට ඒනවා.


අපි මෙහෙම කියද්දිම මෝර වල අවට ධීවරයෝ අපට කියන්නම කියල තවත් කාරණයක් තියෙනවා.
මේ සුන්දරත්වය විනාශ කරන්නේ නැතිව ඒක විදගන්න කියන එක.
වැඩි විස්තර දැනගන්න ඇවිත්ම බලන්නකො……

මෝරවල

 

https://web.facebook.com/aruna.roshantha.50/videos/1057424709001938(මෝර වලේ ලස්සන මෙතතින් බලන්න )