ගී රස වින්දනය

0
848

DSC_0184ප්‍රවින ගායනශිල්පි ජයතිලක බණ්ඩාරයන්ගේ ගීරසවින්දන වැඩසටහන කොළඹ පොත් ප්‍රදර්ශන භූමියේදී සැප්තැම්බර් 16 වනදා (ඊයේ ) සවස පැවැත්විණි. නෙත් එෆ් එම් ගුවන් විදුලිය විසින් සංවිධානය කර තිබූ ගී රසවින්දන වැඩසටහන පාඨක පිරිස් වෙත ලබාදුන් අපූරු ත්‍යාගයක් විය. ගීත රසවින්දනය පිළිබඳ රසික හදවත්  සම්භාවනීය සංකල්පනාවන්ගෙන් පෝෂණය කරමින්   ගීතයේ රසය මෙන්ම
විචාරශීලිභාවයේ නිම්වළලු පුළුල් කරමින්  මෙම වැඩසටහන පැවැත්වූයේ  සාහිත්‍ය ලෝලීන් විශාල පිරිසකගේ ආකර්ශනය දිනා ගනිමිනි. ජයතිලක බන්ඩාර,ප්‍රේම්රංජිත් විජේවික්‍රම යන කලාකරුවන් දෙපළ විසින් ගී රස වින්දන වැඩසටහන  ඉදිරිපත් කළහ. වාදනයෙන් කමාර එප්පාවෙල,දිමතු සඳරුවන්, අරුණ ශ්‍රී ප්‍රසන්ත යන වාදන ශිල්පීන් සහභාගී වූහ.
මිනිස් සම්බන්ධතා, සාරධර්ම විනාශ වී ඇති වර්තමාන සමාජයට මෙවැනි අර්ථවත් සාහිත්‍ය හා ගීත රසවින්දන වැඩසටහනක්  සංවිධානය කරමින් නෙත් එෆ් එම් කළ සේවය ඉතා අගනා සද්කාර්යයකි.DSC_0178