ගුරු නැටුමේ ඇද අල්ලන පිස්සු පූසන්ට වචනයක්.

0
295

මිගමුව කදිරානේ කනිටු පාසැලේ ගුරුවරියන් දරුවන් සමගින් නිදහසේ නටන විඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල සැරිසරමින් තිබේ.

මෙය⁣ට එ⁣රෙහිව සමාජ මාධ්‍ය තුල මෙන්ම ඉන් පිටතදි දැන් සංවාදයක් මතුව තිබේ.විනය පරික්ෂයක් ගැන තියෙන්නට යන කතාවක්ද කියැවේ.

පහත පළවන්නේ මේ ගැන ෆේස්බුක් පිටුවක පළව තිබුන ලිපියකි.

ගුරුවරයෙක් කී පමණින් ඉතා මහලු, කණ්ණාඩි යුවලක් පැලැඳූ, බර කටහඬක් සහිත, සිනහවක් කියා දෙයක් මුහුණේ නැති ඒ අතීතය නැමති ළිඳේ මැඩියෙක්ව නොසිට එළිය දැකීම ඔබ සතු කාර්‍යයකි.

මෙහි නර්තනයේ යෙදෙන්නේ මෙහෙණින් වහන්සේ නමක් නොවේ. ඔබත් මමත් මෙන් හැඟීම් දැනීම් ඇති පෘථග්ජන මනුෂ්‍යයෙකි. ඔබ නර්තනයට අකමැතිද? නැතිනම් ඔබ එම ගීතයට අකමැතිද? යන්න ඔබේ ගැටලුවක් මිස, එය තවකෙකුව මනින සමාජ මිම්මක් නොවේ.

“මේ මධ්‍යපානේ තීන ජොලිය ගෑණූ නොදන්නේ” මෙය ගීතයක හාස්‍ය රසය මවන පද පෙළක් මිස, මෙම ගීතය ඇසූ තරුණියක් මත්පැන් බොනවා යන්න නිගමනය කිරීම ඔබේ ඇති පටු ආකල්ප වල තරමයි. එමෙන්ම එලෙස මත්පැන් බොනවා නම් එයද ඇගේ කැමැත්තයි. ඔබ ඇයට කෑම බීම ලබාදෙනවාද? ‘කා බී සතුටු විය හැක්කේ පිරිමි ඔබට පමණයි’ යන්න කොහේ හෝ ලියැවී තිබෙනවාද? නැතිනම් ඔබ ඒ ආකාරයෙන් ගැහැණු පාගා දමනවාද?

මම නීතිඥවරයෙක් වූවා කියා, මම කලු ලෝගුව ඇඳ ආහාර ගන්නේ නැත. නිදාගන්නේද නැත. මහමඟ යන්නේද නැත. එය මගේ වෘත්තිය මිස මගේ පෞද්ගලික ජීවිතය නොවේ. ඒ ආකාරයෙන්ම මෙහි සිටින ගුරුවරියගේ වෘත්තිය තුළ ඇය සිරගත වියයුතු නොමැත.

මා මෙහි දකින එකම දෙය නම් දරුවන් මෙන්ම සැහැල්ලුවෙන් තම සතුට විඳගන්නා තරුණ ගුරුවරියන්‍ ය.

(ෆේස්බුක් පිටුවකිනි)