ගුරු මාරුව හෑල්ලුවට

0
81

මීගමුව අධ්‍යාපන කලාපයේ දෙමළ මාධ්‍ය පාසල් වල වසර 10 කටත් වඩා වැඩි කාලයක් මාරු වීම් නොලැබ
 එකම පාසලක සේවය කළ ගුරුවර ගුරුවරියන්ව පසුගිය කාලයේ අධ්‍යාපන බලධාරීන් විසින් වෙනත් පාසල් වලට මාරු කර යැවුනේ දැඩි උත්සාහයකින් පසුවයි.
 එහෙත් මේ වන විට වාර්තා වන්නේ එලෙස මාරුවීම් ලබා වෙනත් පාසල් වලට යොමු කළ මීගමුව අධ්‍යාපන කලාපයේ දෙමළ මාධ්‍ය පාසල් වල ඉංගී‍්‍රසි විෂය උගන්වන
 ගුරුවරුන් කිහිප දෙනෙකු වෙනත් ගුරුවරුන් කිහිප දෙනෙකු හා සම්බන්ධ වී සුහද මාරු ක‍්‍රමයට තමන් පෙර සිටි පාසල් වලටම පැමීනීමට මේ වන විට උත්සහ දරණ බවකි.
බොහෝ විට ගුරුවරුන් කිහිප දෙනෙක් එලෙස සුහඳ මාරු වීම් ලබා තමන් පෙර වැඩි කාලයක් සිටි පාසල් වලටම නැවතත් පැමිණීමට උත්සාහ දරන්නේ තමන්ට
එම පාසල් වලට පැමිනීමෙන් ලැබෙන ලාභ,වාසි හා වෙනත් ආර්ථික ඵල ප‍්‍රයෝජන නැවත ලබා ගැනිමේ අදහසින් විය යුතුය. එලෙස සිදු වුවහොත් අධ්‍යාපන බලධාරීන්
 ඉතා අමාරුවෙන් වසර ගණනාවකට පසු සිදු කල ගුරු මාරුවීම් සියල්ල හෑල්ලූවට ලක් වේ. ඒ නිසා ගුරුවරයෙකු හෝ ගුරුවරියක අඛන්ඩව වසර 10 කට වඩා
 වැඩි කාලයක් රජකාරී කල පාසල් වලට සුහද මාරු ක‍්‍රමයට හෝ  වෙනත් ක‍්‍රමයකට පැමීනීම ඉඩ නොතැබීමට ඉහල අධ්‍යාපන බලධාරීන් කටයුතු කළ යුතුව ඇත.