ගුරුකම දේව සේවයක් කරගත් ගුරු මාතාව

0
343
Image00051ගුරුකම ?   කියාවක් සේ නොසලකා දේව සේවයක් ලෙස  සලකා කටයුතු කල එමෙන්ම පාසල් වේලවෙන් පසුවත් සිය දෑනුම දරුවන්ට ලබාදුන් ගුරුමාතාවක්  පසුගියදා වහන්සේ තුල සදා සාමය දිනුවාය
1926 මෑයි මස 18වන දින මීගමු මහවිදියේ උපත ලද කුලකුලසූරිය මේරි උර්සුලා ප්‍රනාන්දු ගුරුමතාව සිය මුලික අධ්‍යාපනය කටයුතු ආරම්භ කලේ සා’ජොසෙප් විදුහලෙනි  (කෘස් මඩම ) අධ්‍යාපනය අවසන් කලේ  ලොයලා විදුහලෙනි
ඇය දරුවන් සතර දෙනෙකුගේ දයාබර මවක් වුවාය. දරුවන් කුඩා කාලයේදිම ඇයගේ  ස්වාමි පුරුෂයා හදිස්සියේ මියයාම නිසා දරුවන්ගේ කටයුතු වලට තනිව මුහුණ දීමට සිදුවිය.  තමදරුවන් සතරදෙනාට හොද  අධ්‍යාපනයක් ලබාදීමට ඈය කටයුතු කලාය. ඇයගේ එක් දියණියක් ගුරුවරියක වශයෙන් මීගමු සා.මරියා විදුහලේ සේවය කළාය’
ගුරුවරියක වශයෙන් ඇයට පළමු පත්වීම ලැබුණේ  මීගමු මුන්නක්කරය සා.නිකුලස් මිශ්‍ර  පාසැලටවේ.
එම විදුහලේ සිංහල භාෂාව ඉගැන්විම භාර වුයේ මෙම ගුරුමාතාවටයි.
මුන්නක්කරය ධිවර ජනතාවගේ දරුවන් ඉගනිම ලැබුවේ දෙමළ භාෂාවෙනිි.
එම දරුවන් සින්හල භෂාවට හුරුකිරිම ඉතාම අපහාසුකර්යක් වියිඑහෙත් දෙමළ භාෂාවද මෑනවින් දෑනගෙන සිටි නිසා මෙම අභියොගයට සාර්ථකව මුහුණ දීමට ඈයට හැකි විය.
දැනට මුන්නක්කරයේ ජීවත් වන පරම්පරා කිහිපයක්ම සිංහල භාෂාව හොදින්  කථාකරනුයේ ඇයගේ කැපවිමේ ප්‍රතිපළය නිසායි.
ඇය සේවය කළ  පාසලේ ආචාර්ය මණ්ඩලයේ සෑම දෙනාගේම සිත් දිනාගෙන  සේවය උපරිම ලෙස ඉටු කලාය’ ළමයින් දහස් ගණනකගේ නෑණ නුවන පහදා දුන්නාය.
ඇයගේ ගෝල  බාලයන් සමාජයේ උසස් තෑන් වල කටයුතු කරන අතර පියතුමන්ලාද සිටිති.
වසර 35ක් මීගමු මුන්නක්කර සා.නිකුලස් විදුහලේ සේවය කොට විශ්‍රාම ලැබුවාය.
ඒ වෙනුවෙන් ඇයට උපහාර උළෙලක් පැවැත්විණි.
ගුරු සේවයෙන්  විශ්‍රාම  ගැනීමෙන් පසුව මීගමුව සා’මරියා දෙවස්ථානයේ දහම් පාසලේ ආරම්භක  කාලයේ සිටම දහම් බෙදා දිමෙ ගුරුවරියක ලෙස නිරත වුවාය’ කිතුදන පුබුදුවන්නටද සම්බන්දවි සිටිය නිසා බයිබලය පිලිබන්දව විශාල දෑනුමක් ඈයට තිබුණි  දේවස්තානයේ හෑම කටයුත්තකටම වෙස මහන්සිය නොබලා කැපවි සේවය කලාය’

මහාවිදිය දේවස්ථානයට සම්බන්ද  සෑම සමිතියකටම ඈය සාමාජිකත්වය දෑරුවාය’
එවකට බස්නැවතුම් පොල අසල ජුසේ වාස් පියතුමගේ ප්‍රතිමාවක් තැන්පත් කිරිම සදහා  බාධක බිදගෙන ක්‍රියා කලාය.   බන්දනාගාර සුභසාධාන සමිතියට බැදී රැදවියන්ගේ පුරුත්ථාපන කටයුතු වලටද  සම්බන්ධ වුවාය.
සුලූ‍ කාලයක් රෝගිව සිටි මේරි උර්සුලා මාතාව  80 වැනි වියෙදි  අපෙන් සමුගෙන ගියාය.
ඇයගේ මෘත දේහය දිවය හෘදයේ සාමජිකාවන් දහම්පාසල් ගුරුවරුන් හා නයිකාවන්ගේ උපහාර මධයේ සා.මරියා දේවස්ථානයට ගෙන විත් මිසම් පාලන අධිපති පියතුමාගේ ප්‍රධානත්වයෙන් අවසන් දේව මෙහෙය පවත්වන ලදී.  කතෝලික සභාව වෙනුවෙන් මෙපමණ  සේවයක් කල මෙම ගුරුතුමියට උපහාර වශයෙන්
එක වචනයක්වත් නොපැවසිම ගැන එම අවස්ථාවට සම්බන්ධ වී  සිටි සියලූ‍ දෙනාගේම පුදුමයට කාරණයක් විය. කුඩුකාරයෙකු හෝ වෙනත් සාමජ විරෝධි ක්‍රියාවෙන්  මුදල් උපයාගත් ධනපතියෙක්  කතෝලික සභාවේ උපහාර කතා පැවත්විමට වැල නොකැඩි පෑමිණෙන මේවන් යුගයක” සහාභාවට හා කතෝලික දරුවන්ට විශාල සේවයක් ඉටු කල මෙම ගුරු මතාව අමතක විම ගෑන පුදුම වියක් යුතු නෑත’
කේසේ හෝ මෙම ගුරුමතාවගේ අවසන් කටයුතු මීගමු පොදු සුසාන භුමියේදී ඈයට ඉතාම හිතවත් පිරිසක් මධ්‍යයේ සිදුකෙරිනි’
එතුමියට නිතය සැනසීම !

              කේ.ඒ.බී. ෆෑන්ක් ප්‍රනාන්දු

              වැල්ලවීදිය