ගුරුගේ නිසා මීගමු කලපු දූපත්වල රිලව් බඩගින්නේ …

0
490

මීගමුව කලපුව කේන්ද්‍රකොට ගත් සංචාරක කර්මාන්තයක් සිය ව්‍යාපාරික කටයුත්ත බවට පත්කරගෙන සිටින ව්‍යාපාරිකයෙකු විසින් කලපුවේ දූපත්වලට මිට වසර කිපයකට ඉහතදි වඳුරන් ගෙනවිත් දමා තිබේ.
කඩොල් ගස් වලින් ගහන මේ දූපත්වල වඳුරන්ට නුහුරු පරිසරයකි. කෑම සපයා ගැනිම පමණක් නොව ජලයද මේ සතුන්ට දැන් බරපතල ගැටළුවකි.


මේ වඳුරු ඛේදවාචකය ගැන අදහස් දක්වන කලපු ධිවරයන් කියා සිටින්නේ ගුරුගේ නම් වු ව්‍යාපාරිකයා විසින් කලපු දුපත්වලට මෙසේ වදුරන් රිලවුන් ගෙනවිත් ඇති බවය.
මේ සතුන් මුහුණ දි ඇති කෑම අහේනිය නිසා කඩොල් ගෙඩි පවා ඔවුන් විසින් දැන් ආහාරයට ගන්නා බව ධිවරයෝ පවසති.
පසුගිය සතියේ මෙහි නිරික්ෂණ චාරිකාව ගිය මාධ්‍යවේදින් පිරිසකටද දූපත්වල රිලවුන් මුහුණ දි ඇති මේ බරපතල තත්වය දැක ගත හැකි විය.
මේ සතුන් සදහා යම් හෝ ආහාරයක් ලැබෙන්නේ සංචාරකයන් මේ දුපත් බැලිමට යන අවස්ථාවලදිය.
සතුන් විදින දුක නිසාම ඇතැම් කලපු ධිවරයන් පවා ඇතැම් විට මේ සතුන්ට ආහාර ලබාදිමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් තම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් සතුන්ට මහත් පිඩාවක් ගෙන දි ඇති ව්‍යාපාරිකයාට එරෙහි බලධාරින් පියවර නොගන්නේ මන්ද යන්න තවමත් ගැටළුවකි.