මීගමුවේ ප්‍රසිද්ධ පෞද්ගලික විදුහලක ගුරු සුභ සාධනය වෙනුවෙන් සංවිධානය කෙරෙන දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් ප්‍රමුඛ සංදර්ශණයක් මීගමුව කඩොල් කැලේ ක්‍රීඩාංගනයේදී ප්‍රදර්ශණය වේ.ඒ සඳහා රු.500 සිට රු.5000 දක්වා අගයකින් යුත් ප්‍රවේශපත්‍ර මුද්‍රණය කොට බෙදා හැර ඇත.
ගැටළුව නම් ඒවා බලෙන් දරුවන්ට පටවා දීමයි.සංදර්ශණය සඳහා වියදම ලක්ෂ 12කට අධික වීමට පුළුවන. එහෙත් ගුරුවරුන්ට කිසිදු මහන්සියකින් තොරව ළමුන් හරහා බිලිනයකට වැඩි මුදලක් සොරා ගැනීමට අනුමත කළ හැකිද?.සෑම ළමයෙකුටම බලෙන් ප්‍රවේශ පත්‍රයක් ලබා දී මෙදිනට පෙර අනිවාරු්‍යයෙන් මුදල් ලබා දිය යුතුයැයි කීමට ගුරැවරැන් හට මොන අයිතියක්ද?. අවම වශයෙන් විදුහලේ සුභසිද්ධිය වෙනුවෙන් හෝ මෙවන් දෙයක් සංවිධානය කළහොත් එය ඉවසා දරාගැනීමට මාපියන්ට හැකියාවක් ඇත.එහෙත් ගුරුවරුන්ගේ පෞද්ගලික සුභ සාධනය වෙනුවෙන් මේ මහා මංකොල්ලය කෙසේ ඉවසිය හැකිද?.
එලෙසම ගුරුවරුන්ට ආදර්ශවත් විය යුතු යුගයක මෙවන් කිසිඳු ආදර්ශයක් නොමැති තාරුණයයේ ඇති දුර්වල මානසිකත්වය පමණක් ඉලක්ක කරගත් කුණුහරුප සංදර්ශණයක් ඉදිරිපත් කිරීමට එම විදුහලේ පාලන අධිකාරිය අවසර ඇයි?.අඩුම තරමේ දරුවන්ගේ රසාස්වාදය උදෙසා ආදර්ශවත් නාට්‍යයක්වත් ඉදිරිපත් කළේ නම් කිනම් අපහසුතාවයන් තිබුනද දරුවා හරහා එය ලබාදෙන්නේ ඉතා සතුටිනි. මක්නිසාදයත් ඉඳහිට හෝ දරුවාට නාට්‍යයක් බැලීමේ අවස්ථාව හිමිවන බැවිනි. එහෙත් දවසේ වැඩි කාලයක් තුල දකින හරසුන් වල්බූරැ සංගීත වැඩසටහන් වලට තවත් අපි අපේ දරුවන් යොමු කරන්නේ කෙසේද?
කෙසේ වෙතත් ගුරුවරුන්ගේ සුභසාධනය වෙනුවෙන් මෙවැනි පහත් පෙලේ ප්‍රසංගයක් සංවිධානය නොකොට වෙනයම් ආධාරයක් ඉල්ලුවානම් එය ලබා දීමට දෙව්පියන් වශයෙන් අපි බැඳී සිටින්නෙමු.මෙයින් බිලියන ගණනක් ලාභ ලබන ගුරුවරු විදුහල වෙනුවෙන් කරන කාර්්‍යයන් හා සමහර ගුරුවරුන්ගේ හැසිරීම් රටාවන් දකින විට අපට ඇතිවන්නේ කනස්සල්ලකි.කෙසේ හෝ දැනට ඔවුන්ගේ අරමුණ බලහත්කාරයෙන් හෝ ලබාගෙන අවසන්ය. මොනයම් කසිකබලක් හෝ මාකට් කර තමන්ගේ මඩිස්සලය තර කර ගන්නා මෙවන් යුගයක ප්‍රසිද්ධ විදුහලක හෝ ගුරුවරුන් එතැනට නොවැටී සිටීමට හේතුවක් නැත.
මේ ගත වන්නේ එවන් කාලයකි.කෙසේ වෙතත් අපගේ අපහසුතාවය අපි මෙසේ සටහන් කොට තබමු.
ඔබලා හැමදාම දිනුම්. අප හැමදාම පරාදයි.ඒ ඇපයට සිටින්නේ අප දරුවන් නිසයි. ය එලිපිට කිවහොත් අප දරැවන්ට සිදුවන්නේ පාසල් ජීවිතයෙන් සමු දීමටයි.එවිට සිදුවන්නේ අප කබලෙන් ලිපට වැටීමයි.
K.D.K.ප්‍රනාන්දු
බෝලවලාන