ගුවන්තොටුපලේ ඩියුටි ෆ්‍රී ටෙන්ඩර ෆ්ලෙමින්ගෝ ඉන්ටනැෂනල් දිනාගනී.

0
111

මේ දිනවල ගුවන් තොටුපලේ නව ධාවන පථව අළුත්වැඩියා කිරීමටත් වඩා වැඩි දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ බණ්ඩාරනායක් ගුවන් තොටුපලේ ඇති වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී ආයතනය වසා දැමීම සම්බන්දවයි.

නවතම තොරතුරු වාර්ථා වන අන්දමට ෆ්ලෙමින්ගෝ ඉන්ටර්නැෂනල් ආයතනය වසර 5ක් සදහා වන කොන්ත්‍රාත්තුව දිනාගැනීමට සමත් වී ඇතැයි වාර්ථා වෙනවා. ඔවුන් එම කොන්ත්‍රාත්තුව දිනා ඇත්තේ වර්ගප්‍රමාණයෙන් වැඩිම වෙලදසැල් ද්විත්වය සදහ බවයි වාර්ථා වන්නේ.මේ සම්බන්දයෙන් වන ටෙන්ඩර් කැදවීම පසුගිය ජුනි මසයේදී සිදුවී තිබෙනවා. මෙහිදී පිටත්වීමේ හා පැමිණීමේ පර්යන්ත ද්විත්වයේම වෙලදසැල් දෙක බැගින් වන ආකාරයෙන් ටෙන්ඩර් කැදවීමක් සිදුවී ඇතිඅතර ඒ සදහ‍ා වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී ආයතනය හා ෆ්ලෙමින්ගෝ ආයතනය අතරත් විශාල තරගයක් පැවතී ඇති බවයි කියැවෙන්නේ.

Flemingo-Duty-Free-Colombo

Colombo-Airport-tender-2016

www.trbusiness.com ඇසුරිණි.