ගුවන්තොටුපළේ අධිකාරි බලය ප්‍රසන්නගෙන් ගිලිහේ ..රාජ්‍ය ඇමති ගුවන්තොටුපළේ නිරික්ෂණ චාරිකාවක….

0
92

1550229124-d-v-chanaka_Lපොහොට්ටුෙව් ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග යටතේ මෙතෙක් පැවැති ගුවන්තොටුපල මෙවර රාජ්‍ය ඇමති ඩි.වි.චානක වෙත හිමිව තිබේ.ඒ අනුව ගුවන්තොටට අදාල ප්‍රසන්න රණතුංගගේ බලධාරිකාරය  දැන් ගිලිහි ගොසින්ය.මෙය ප්‍රසන්න රණතුංග වෙත එල්ල කරන්නට යෙදුන ප්‍රබලල දේශපාලන කණේ පහරක්දැයි දේශපාලන කව අතර දැනටමත් සංවාදයට බදුන් වෙමින් තිබේ.

ගම්පහට කැබිනට්  ඇමතිධුර 2 කක් යැයි කියමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුන ප්‍රසන්න රණතුංග කියා තිබුනේ කැබිනට් ධිවර ඇමතිකම නිමල් ලංසාට හිමිවන බවය.

එහෙත් ලංසාට මෙන්ම ප්‍රසන්න රණතුංගට බෙදුන හැන්ද විසින් ප්‍රබල දේශපාලන පණිවිඩයක් දි තිබේ.
මේ අතර ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා 8/25 දින දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ

එහිදී ගුවන් තොටුපළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත , පී.සී.ආර්.වෛද්‍ය රසායනාගාරය , මහජන ප්‍රේක්ෂක මණ්ඩපය , ගුවන් තොටුපළ ගිනි නිවීම් සහ මුදා ගැනීමේ ඒකකය ,නව ගුවන් යානා අංගනය , ඇතුළු ගුවන් තොටුපළ නව සංවර්ධන ප්‍රදේශ ද නිනිරීක්ෂණයට ලක් කළ අතර එම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , උප සභාපති රජීව් සූරියආරච්චි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද ගුවන් තොටුපළ විවිධ අංශ නියෝජනය කරමින් එම අංශ ප්‍රධානීන් ද  එක් වී සිටියහ .
ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක නාමල් රාජපක්ෂට ඉතාමත් සමිප අයෙකු ලෙසින් ප්‍රකටය