ගෝඨලා පඩිගෙවා හැදු වැඩු සහරාන්ගේ හොල්මන අදත් මතුවෙයි !

0
93

සහරාන්මුස්ලිම් අන්තවාදින්ගේ දේශපාලන සම්බන්ධකම් ගැන හදන කථාවලට මාධ්‍යවල ඇත්තේ ඉහල වටිනාකමකි.
ඒ අනුව අදත් දෙරණ ටිවි චැනලය උත්සහ ගෙන තිබුනේ සහරාන්ලාට රවුම් හකිම් සමගින් තිබුන සම්බන්ධයක් ගැන කියන්නට විඩියෝවක් සිය චැනලය මගින් මුදා හැරිමය.
එහෙත් සමාජය අතර වඩාත් පුළුල් කථාබහකට ලක්වු කරුණක් බවට පත්ව තිබුනේ පසුගිය දිනක කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රසිද්ධියේම පිළිගන්නට යෙදුන කරුණ පිළිබදය.
එනම් සහරාන්ලාට ගෝඨාභය රාජපක්ෂගේ අාරක්ෂක අමාත්‍යංශය විසින් පඩි ගෙවු බව පිළිගැනිමය.
කිසියම් අයෙකු පඩිගෙවා නඩත්තු කරන්නේ නම් ස්වාමියා වන්නේ අදාල අමාත්‍යංශයේ ලොක්කාය.
සේවකයා වැඩකරන්නේ පඩියටය. කොටින්ම කියන්නේ නම් ඒ අනුව ඒ කාලයේ සහරාන්ලා හැදි වැඩි ඇත්තේ ගෝඨභයලාගේ සෙවනේය.
මේ සත්‍යය වෙනකාටවත් වඩා මේ කාලය තුල දැනෙන්නේ මේ රටේ කිතුණු ජනයාටය.මන්ද ගෝඨාභය ලා විසින් හැදු වැඩු සහරාන්ලා මිගමුවේදි 120 කට වඩා අහිංසක කිතුණුවන් පිරිසක් ඝාතනය කිරිම හේතුකොටගෙනය.