ගෝඨාගේ පරාජය ප්‍රසන්නගේ කටින් එලියට පැන්න හැටි !

0
64

(2.30 pm ) ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන ජනාධිපතිවරණයක තරග වැදීම සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙමළ ජාතික සන්ධානයට (TNA) ආරාධනා කරයි යන පුවතක් පසුගිය දා මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි.
එම අදහස පළකර තිබුනේ  රාජපක්ෂවාදී කණ්ඩායමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා  විසිනි ..

“අනිවාර්යයෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ සන්ධානය ඉදිරිපත් වෙන්න ඕනේ,” යි ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළෙන් පිටතදී මාධ්‍යවේදීන්ට පවසා තිබුණි.

.එසේ නොකිරීම “එක්සත් ජාතික පක්ෂයට පක්ෂය පාවාදුන්නා වගේ වැඩක්” ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලදී.
කෙසේ වෙතත් ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශය විසින් කියැවෙන එක් පැහැදිලි හෙළිදරව්වක් තිබේ. එනම් ගෝඨාභයගේ පරාජය ගැනය.
සුළුජාතින්ගේ කැමැත්ත කිසිවිටකත් ජනඝාතක යුද්ධයක් මෙහෙයවු ගෝඨාට නොලැබෙන බව ප්‍රසන්න පමණක් නොව මුළු මහත් පොහොට්ටුව දැන් දනි.