ගෝඨාගේ ගුවන්ගමන් බලපත්‍රයේ විමර්ශණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත

0
48

Gotabaya-Rajapaksa-3

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියකුව සිටියදී  ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට ලැබුණ පැමිණිල්ලකට අනුව එම ගුවන් ගමන් බලපත්‍රය සමබන්දයෙන් විමර්ශනය කටයුතු නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර ඇත.

එම පැමිණිල්ල විමර්ශනය කරන ලෙස මුලින්ම අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට යොමුකරනු ලැබූ අතර ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා තිබිණි.

මෙම විමර්ශණය සම්බන්දයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින්  ලබාදුන් වාර්තාවක් පදනම් කරගනිමින් මෙම විමර්ශන යළිත් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට පැවරීමට වැඩ බලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.