ගෝඨාබය විනය ගරුක සමාජයකට සහතික වෙද්දී ‘මිරිස්කුඩු’ මන්ත්‍රී වේදිකාවේ !

0
90
ආරක්ෂිත විනය ගරුක සමාජයක් බිහි කිරීම තමන්ගේ ප්‍රධාන අරමුණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඔහු එබව සඳහන් කර සිටියේ, සිය ජයග්‍රහණය වෙනුවෙන් මහර, කඩවත පැවැති ජන රැළියේදීය.

”අපි ආදර්ශමත් විය යුතුයි. අද තිබෙන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. යහපත් කළ යුතුයි. අපිට ආවේගශිලීව හෝ පටු අරමුණු වෙනුවෙන් හෝ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් හෝ ක්‍රියාකරන්න්ට බෑ. ආවේගශීලිව විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණ වලට ගොදුරු වෙලා අශෝභන ලෙස හැසිරීම මම කිසිසේත් අනුමත කරන්නේ නැති බව අවධාරණය කල යුතුයි.” යයි ගෝඨාබය රාජපක්ෂ මෙහිදී සඳහන් කර සිටියේය.

ගෝඨාබය රාජපක්ෂ එම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ දුෂණ සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ලවී ඇති පසුගියදා පාර්ලිමේන්තුවේදී එජාප මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කල ගම්පහ සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න රණවිර වේදිකාවේ තබාගෙනය.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පලවී ඇති සටහනක මෙසේ සඳහන් වේ.
theleader.lk

PHOTO 2019 10 13 20 36 49