ඝාතන ගැන වගනොකියන පාලනය ගැන ජන්දාදයකයන් තින්දු ගත යුතුයි.කාර්දිනල් හිමි

0
125

bishop lettercardi_malcolm_005නිදහස් වෙළද කලාපයේ කම්කරු අරගලයේ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද රොෂෙන් චානකගේ මව වෙත ලිපියක් එවමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාර්දිනල්  හිමියන් පවසා සිටිනේනේ මේ අවසනා වන්න මරණය ගැන  රදගුරු මණ්ඩලය  විවිධ අවස්ථාවලදි රජයට කරුණු ඉදිරිපත් කර ඇති අතර දෙවතාවක්ම පෞද්ගලිකව ලිපි ජනාධිපතිතුමාට ඉදිරිපත් කරඇති බවය.එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධයෙන් වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙස පුවත් පත් සාකච්ජාවක්ද පවත්වා ඇතැත් රජයේ කිසිදු සුභවාදි ප්‍රතිචාරවක් නැති බවය.
“ඔබගේ පුතුගේ මරණය ඇත්තටවශයෙන්ම දුක්බර අත්දැකිමකි.එහෙත් රජය මෙම වාර්ථාව නිකුත් නොකරන්නේ නම් රදගුරු මණ්ඩලයට බලහත්කාරයෙන් එම වාර්ථාව ලබාගැනිමට හැකියාවක් ද නොමැත.මෙය අවසනාවත්ත තත්වයකි.එහෙත් සිදුව ඇත්තේ එයයි.රතුපස්වල  ඇතිවු සිද්ධියේදි සිදුවු දේ සම්බන්ධ මුලික වාර්ථාවක්ද තවමත් ඉදිරිපත් වි නොමැත.මෙය රටේ පොදු තත්වය විදහා පාන්නකි.
මේවා වෙනස් කරන්නට හැකියාව ඇත්තේ ඡන්දය භාවිතා කරන ජනතාවට පමණි”