ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සුගීර්තරාජන්ගේ 15 වන සැමරුම

0
127

ඝාතනයට ලක්වු මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්තරාජන්ගේ 15 වන සැමරුම ඉරිදා (24) මඩකලපුවේ නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ සංගමයේ දී පැවත්විණි.
නැගෙනහිර මාධ්‍ය සංගමයේ සභාපති එල්. දේවතිරාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මාධ්‍ය සංගමය, යාපනය මාධ්‍ය සමාජය සහ දකුණේ මාධ්‍ය සංවිධාන එක්ව නැගෙනහිර මාධ්‍ය සංගමය සමඟ අනුස්මරණ උත්සව සංවිධානය කර තිබුණි

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කලයිරසන්, හිටපු මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. අරියානෙහිරන්, සී. යෝගේෂ්වරන්, එන්. මෙම අවස්ථාවට අනෙකුත් මහජන නියෝජිතයින්, මහජන සංවිධානවල සාමාජිකයින්, මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් ද සහභාගී වූහ.
මෙම සැමරුමට එක්ව සිටි වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැඳවුම්කරු ප්‍රෙඩි ගමගේ අදහස් දක්වමින් කියා සිටියේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකුගෙන් 41 එක් දෙනෙකුම දමිළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් බවය.
ඝාතනයට ලක්වුන්ට යුක්තිය ඉටුකිරිම සදහා වන අරගලය උතුරු නැගෙනහිර සහ දකුණේ මාධ්‍ය සංවිධාන එක්ව දිගටම ගෙන ගිය යුතු බවත් , විශේෂයෙන් විපතට පත්ව ඇති පවුල් බහුතරයක් ඉතා දුකසේ ජිවත්වන පසුබිමක ඔවුන්ගේ සුබසාධන ප්‍රශ්න වෙනුවෙන් ද එක්ව මැදිහත් විය යුතු බවය.
විශේෂයෙන්ම තවමත් නිවසක අයිතියක් නැති පවුල් වලට නිවාස ලබාදිම සම්බන්ධයෙන් නිවාස රාජ්‍ය ඇමතිවරයාගේ අවධානයට යොමුකළ යුතු බවද කියා සිටියේය.
විශේෂයෙන්ම සුගිර්තරාජන් මාධ්‍යවේදියාගේ දරු දෙදෙනාට සහ බිරිඳට තවමත් නිවසක් අයිතියක් නැති පසුබිමක ඒ සම්බන්ධයෙන් නැගෙනහිර මාධ්‍ය සංසදය වැඩපිළිවෙලක් සකස්කිරිමට මුල් විය යුතු බවත් අවධාරණය කරන ලදි.

2006 දී ත්‍රිකුණාමලයේ ගාන්ධී පිළිරුව අසලදී ඝාතනයට ලක්වු සිසුන්ගේ මරණයට හේතුව වෙඩි තැබිමක් බව අනාවරණය කළ ජයාරුප මාධ්‍යවෙත හෙළිදරව් කළ මාධ්‍යවේදී සුගීතරාජන්ව 2006 ජනවාරි 24 වන දින ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය අසලදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.