චන්ද්‍රිකා සෙනසුරාදා යළි දිවයිනට!පොහොට්ටුවට එරෙහිව අලුත් මෙහෙයුමක්!

0
193

ckb-800px-16-10-19ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක් මෙන්ම හිටපු ජනාධිපතිවරිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග

ලබන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිත අතර අනතුරුව වහාම ශ්‍රීලනිප සංවිධායකයින් ගොනු කරමින් රාජපක්ෂ පවුලේ ‘පොහොට්ටු’ පක්ෂයට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මේවනවිට විදේශගතව සිටින ඇය දිවයිනට පැමිණි වහාම පොහොට්ටුවට සහයදීමට එක්වූ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙනවෙනම හමුවී සාකච්ජා පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ‘පොහොට්ටුව’ සමග එකතුවීමට විරුද්ධ ශ්‍රීලනීප ආසන සංවිධායකයින් හමුවී ඉදිරි කටයුතු වහ වාහම සංවිධානය කිරීමට ඇය දැනටමත් දින හා වේලාවන් වෙන්කර ගෙන තිබේ.

මේ අතර ශ්‍රී ලනිපය පොදුජන පෙරමුණ සමග එකතුවීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් නිවේදනයක් නිකුත්කර ඇති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පවසන්නේ, ශ්‍රීලනිපය, පොහොට්ටුව සමග සන්ධානගතවීමට විරුද්ධ බොහෝ පක්ෂ සාමාජිකයින් පිරිසක් තමන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමට කටයුතු කරන බවය .

මෛත්‍රී ගෙනාවෙත් චන්ද්‍රිකා :

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපයේ මහ ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන එකඟකරවා ගනිමින්, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට මුලික කාර්යය භාරයක් සිදුකළේ ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනියයි.CBK MS SG MS

එසේම මෙවර ද චන්ද්‍රිකාගේ මැදිහත්වීමෙන් ඇතැම් ශ්‍රීලනිප ආසන සංවිධායකයින් මේවනවිටත් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග සාකච්ජා කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලනීපයේ ප්‍රබලයෙක් පැවසූවේ මංගල සමරවීර අමාත්‍යවරයා ඇතුළු එජාපෙ නායකයින් පිරිසක් අතර මෙම සාකච්ජා සිදුවෙමින් ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ඡන්ද ප්‍රතිශතය නොමැතිව එජාපෙට හෝ ‘පොහොට්ටුවට’ මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් මනාවට තහවුරු වී ඇත

theleader.lk