චමිලා ඝාතන නඩුව – සැකකාර වෛද්‍යවරයාගේ කාමරයේ ව්‍යාඝ්‍රා පෙති

0
447

2007 වසරේ නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනය කළ  චමිලා දිසානායක මෙනවියගේ නඩුවේ සාක්ෂි විභාගයක් අද දින  (04)  මීගමුව මහාධිකරණයේදි සිදුවිය. මෙහිදී සාක්ෂිය දීම සදහා  අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ  2007 වසරේදී මීගමුව පොලිසියේ හිටපු අපරාධ අංශයේ  ස්ථානාධිපතිවරයා වන කංකානම්ගේ පුෂ්පකුමාර තිලක් සුබසිංහ මහතායි.  ඔහු 2006 සිට 2007 අගභාගය දක්වා මීගමුව පොලීසියේ  අපරාධ අංශයේ ස්තානාධීපති වශයෙන් සේවය කර ඇති අතර මේ වනවිට නිකවැරටිය -රස්නායකපුර පොලීසියේ ස්තානාධිපතිවරයා  ලෙස සේවයේ නිරත වේ.
2007 -11-13 වන දින  රෝහල් පරිශ්‍රය තුළ සිදුකළ විමර්ශන  කටයුුතු සහ ප්‍රකාශ සටහන් ලබාගැනීම පස්වරු 4.30 සිට රාත්‍රී 12 පමණ තෙක්  තවත් පොලිස් නිලධාරීන්ගේ සහය ද ඇතිව සිදුකළ බවත් ඉන්පසුව පාන්දර 1-40ට පමණ  කාන්තාවක් ඝාතනය කිරීමේ වරදට සැකකරු ෙලස මීගමුව රෝහලේ 33 වෙනි කාමරයේ නේවාසිකව සිටි ඉන්දික සුදර්ශන බාලගේ නමැති වෛද්‍යවරයාව අත්අඩංගුවට ගත් බවත් පොලිස් ස්ථානාධිපතිවරයා ගේ සාක්ෂි දීමේදී  ප්‍රකාශ විය.
මෙම ඝාතන නඩුව සම්බන්ධයෙන් පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවන  රජයේ නීතිඥවරුන් නගන ලද ප්‍රශ්න හමුවේ සිය පරීක්ෂන කටයුතු මෙහෙයවූ ආකාරය හා ඒවා සම්බන්ධයෙන්  ඔහු එළඹුණ නිශ්චිත  නිරීක්ෂන හා නිගමන පිළිබදව කංකානම්ගේ පුෂ්පකුමාර තිලක් සුබසිංහ මහතා  සාක්ෂි දෙන ලදී.main5pic1

”   මීගමුව පොලිසියේ  මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් නියෝගයක් ලැබුණා මීගමුව රෝහලේ උඩුමහලෙන් කාන්තාවක් වැටී  මියගිය සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට. 2007 13 වනදා සවස 4.30 ට පමණ මම මීගමුව රෝහලට ගියා.
පරීක්ෂණය  ආරම්භ කරමින්, රෝහලේ රෝගීන් ඇතුලත් කිරීමට යන කොටසේ ඇති පථයේ අගල් 08ක පමණ  ලේ පැල්ලමක් ඇති බවට දැනගත් අතර එම කාන්තාව එම ස්තානයේ උඩුබැලිව වැටී සිට ඇති බව  විමර්ශනයේදී  දැනගත්තා.
වැටී සිටි ස්ථානය,  එම තට්ටු ගොඩනැගිල්ලේ උඩුමහල දක්වාම ඇති පැසේජයට කෙලින්ම තමයි එම ලේ  පැල්ලම තිබුණේ. එහි හැම තට්ටුවකම කාමර වලට පිටින් අඩි දෙකහමාරක් පළල  විවෘත පැසේජ් එකක් තිබුනා. පැසේජ් එකට ලම්බකව ලේ පැල්ලම තිබුණා. සිහිසුන් කෙනෙක් ,හෝ මියගිය කෙනෙක් බිමට දැමීමක් සිදුවී ඇති බවත් මා නිරීක්ෂනය කළා.
පැනීමක් සිදුවුනා නම් මේ ලේ පැල්ලම වෙනත් ස්තානයක,වෙනත් දුරකින් තිබිය යුතු බව මාගේ දැනීමයි.
ඉතිරි පරීක්ෂණ කටයුතු 05 වෙනි තට්ටුවට ගොස් ආරම්භ කලා. තට්ටුවෙන් තට්ටුව පරීක්ෂා කළා. ලේ පැල්ලම තිබුණ තැනට  කෙලින් හැම තට්ටුවකම බිමට පැනීමට ඇති අවකාශය මා  නිරීක්ෂණය කළ අතර එවැනි හැකියාවක් ඇති ගුරුත්ව ප්‍රදේශය 05වෙනි තට්ටුව දක්වාම විමර්ශනය කළා.
එහිදී 06 වෙනි තට්ටුවේ කොරිඩෝව මත හිසකෙස් රැදී ඇති ආකාරය නිරීක්ෂනය කළා.”

ඔහුගේ ප්‍රකාශ අනුව 2007 -11 වන මස 13 වනදා ඔහු මෙම 33වෙනි කාමරය කීපවාරයක් පරීක්ෂා කර ඇති අතර මුලින්ම පරීක්ෂා කරන විට එම කාන්තාව  උඩුමහලෙන් පැන ඇතැයි යන සැකය මත  කාමරය හා ජනෙල්ද කොරිඩෝවද පරීක්ෂා කළ බවත් පසුව නැවත පරීක්ෂාවේදී දැකගන්නට ලැබුණ සාක්ෂි අනුව මෙය මිනීමැරැමක් බවට වැටහුන නිසා  එම කාමරයට කිසිවෙකුට ඇතුල් විය නොහැකි ලෙස පොලිස්  ආරක්ෂාව සැපයූ බවත් අනාවරණය කළේය. නැවත රාත්‍රී 8.30 ට පමණ  33 වෙනි කාමරය පරීක්ෂා කරන විට එහි බිම ටයිල් වල දාර මත ඇලුන දිග කෙස් රොදක් තිබෙනු දුටු බවද ඔහු ප්‍රකාශ කළ අතර, කාමරයේ  ඇදන් දෙකක් එකට ලංකර තිබූ අතර ඇද යට කාන්තා පිරිමි සපත්තු කූට්ටම් සහ එළවලු විසිරී තිබෙනු දුටු බවට ද ප්‍රකාශ විය. ඒ අතර විවෘත කළ හැකි කබඩ් එකක ලාච්චුවේ තිබී බෙහෙත් පෙති හතරක කාඩ් එකක් හමුවූ බවත් ,  ඉතිරිවූ බෙහෙත් පෙති දෙකක් එහි තිබූ බවත් ඒවායේ  නම් තිබූ   ආකාරයට   ව්‍යාඝ්‍රා ලෙස නම සදහන්ව  තිබූූ   බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම 33 වන කාමරයේ   ඇද යට තිබී එල්.ජී. රූපවාහිනී යන්ත්‍රයක ඇසුරුමක් වූ කාඩ්බෝඩ් එකක් ද පැතලි ආකාරයට  තිබී හමුවූ බවත් එහි කෙලවර දෙකකට හානිවී ඇති බව තමා නිරීක්ෂණය කළ බව ද  ඔහු පවසන ලදී.
”  එහි එක් කෙළවරක්  කෙනෙකු ඇගිලි වලින් මිරිකාගෙන සිටි ආකාරයකට පොඩිවී තිබුනා.   එක පැත්තක කාඩ්බෝඩ් එක සීරිලා තිබුණා  , එහි, කාඩ්බෝඩ් එක ඇදගෙන ගිය ආකාරයක් දක්නට තිබුනා.”
” පරීක්ෂණ කටයුතු සදහා රෝහල් පරිශ්‍රය තුළ සිටියදී   හෙද නිලධාරියෙකුගෙන් (උපස්ථායික තනතුරක් දරණ) ලද තොරතුරක් අනුව රෝහලේ සේවිකාවකගෙන් වැඩිදුර තොරතුරු දැනගත හැකි බව දැනගත්තා. ඒ  අනුව බ්‍රියටිස් නමැති එම සේවිකාව සොයා ගොස් එම තැනැත්තියගේ ප්‍රකාශය සටහන් කර ගත්තා.ඒ සදහා විජේසිරි නමැති පොලීස් පරීක්ෂකවරයා සහය ලබාදුන්නා.  එම ප්‍රකාශය ලබාගත්තේ එදිනම රාත්‍රී 11.20 ට පමණ.
පසුව නැවත මීගමුව රෝහලට පැමිනියා. එදින සවස 5.30 ටපමණත් රාත්‍රී 8.50ටත්  රෝහල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගෙන්  සාක්ෂි සටහන් කර ගත්තා.
පසුව 2007.11.13 වනදා  පැය 1 .40 ට 06 වන තට්ටුවේ 33 වෙනි කාමරයේ නැවතී සිටි වෛද්‍යවරයාව අත්අඩංගුවට ගන්නට සිදුවුනා. ඔහුගේ නම ඉන්දික සුදර්ශන බාලගේ. ලිපිනය -ජයනිවස ,මරදන්කඩවල,අනුරාධපුරය. මෙම විත්තිකරුව අත්අඩංගුවට ගත්තේ කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන්.”
බ්‍රියට්‍රිස්ගේ සාක්ෂිය ලබාගන්ඩ කලින් මේ පුද්ගලයාව හමුවූවාද ?
රාත්‍රී 9.21ට අපි  කාමරය පරීක්ෂා කිරීමට ගිය අවස්තාවේදී ඔහු කාමරය ඇර දුන්නා.”

මීගමුව මහ අධිකරනයේදී පැවති මෙම නඩු වේ සාක්ෂි විභාගය විනිසුරු එම්.එම්.ඒ ගෆූර් මහතා ඉදිරියේදී පැවැත්වුණ අතර මෙම නඩුවේ තවත් සාක්ෂි විභාගයක් නැවත ජූලි මස  24 වනදාට යෙදිණි.