චමිලා ඝාතනය වූ ස්ථානය පරීක්ෂාවට විනිසුරු පැමිණෙයි

0
50


අගොස්තු 26 වනදා චමිලා දිසානායක ඝාතන නඩුවේ  තවත් සාක්ෂි විභාගයක් මීගමුව මහා අධිිකරණයේදී පැවැත්විණි.  එදින , එවකට මීගමුව පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්තානාධිපතිවරයාගෙන් සාක්ෂි  විමසූ අතර ඔහුගේ වාර්තාව අනුව මීගමු  රෝහලේ සිද්ධියට අදාළ ස්ථාන විමර්ශනයක් කිරීම සදහා මහඅධිකරණ විනිසුරු එම්.එම්.ඒ ගෆුර් මහතා ඇුතුළු නීතිඥ කණඩායමක් මීගමුව රෝහල වෙත ගියහ. එහිදී විනිසුරුවරයා විසින්  චමිලා ගේ ඝාතනයට සම්බන්ධ 33 වෙනි කාමරය, 06 වන තට්ටුවේ කොරිඩෝව ඇතුළු ප්‍රධාන ස්ථාන පරීක්ෂාවක් සිදුකරන ලදී.  මෙම ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවා  වන වෛද්‍ය සුදර්ශන බාලගේ  අධිකරණය හමුවේ පෙනී සිටිය අතර මෙම නඩුවේ තවත් නඩු වාරයක් ඔක්තෝම්බර් 04 වෙනිදාට යෙදිනි.DSC03191
DSC03194
DSC03185DSC03177
ඡායා -එම්. ඉෂෙඩ් සාජහාන්