චමිලාගේ ඝාතකයාට දඩුවම් ලැබෙයිද ? නඩුව 2013 මාර්තු 5

0
110

මොනරාගල අතිදුෂ්කර ගමක නම දෙනෙකුගෙන් යුත් දිළිදු පවුලක ඉපදුන චමිලා නිදහස් වෙළද කලාපයේ රැකියාවට පැමිණ තිබුනේ තම පවුලේ ආර්ථික ආමාරැවට වාරු දෙන්නටය.2007 නොවැම්බර් 12 වනදා ඇය මීගමුව රෝහලට යන්නේ කලින් ගෙන තිබු රෝග පරික්ෂණ වාර්ථා ප්‍රථිපල දැනගෙන ඒ අනුව යළිත් බේත් ගැනිමටය. මේ කටයුත්තේදි ඇයට උදව්වට පැමිණ තිබුනේ ඒප්පාවල ප්‍රදේශයේ සාමාන්‍ය පවුලකින් වෛද්‍ය විද්‍යාලයට තේරි තිබුන සුදර්ශන බාලගේ නැමැත්තෙකි. ඔහු ඒ දිනවල මීගමුව රෝහලේ සිය වෛද්‍ය සිසුවෙක් ලෙසින් සිය සිමාවාසික පුහුණුවේ අවසන් දින කිපය ගෙවමින් සිටියේය.

චමිලාත් සමගින් මේ සුදර්ශන බාලගේ නම් වු වෛද්‍යවරයා රෝහලේ මහල් අතර එහා මෙහා යනු කිපදෙනක් ම දැක තිබුණි.

එහෙත් එහි පවිත්‍රතා අංශයේ බියට්ට්‍රිස් මහත්මිය 6 වන මහලේදි දකින්නේ අන් කිසිවෙකුත් නොදුටු දසුනකි. එනම් වෛද්‍ය සුදර්ශන බාලගේ විසින්  කාඩ්බෝඩ් කැබැල්ලක් මත තබා කාන්තාවක් බිම දිගේ ඇදගෙන යන ආකාරයයි. මෙසේ ඇදගෙන යන්නේ වෛද්‍යවරයාගේ බිරිද විය හැකියැයි සිතු බියට්ටිස් මහත් චකිතයට පත්ව අසා තිබුෙන් ඩොක්ටර් මාත් උදව්කරන්නද යනුවෙනි.නෑ අවශ්‍ය නැතැයි ඔහු පවසා තිබුණි. බියට්ට්‍රිස් පහත මාලයට පැමිණ ගතවුෙය් තප්පර කිපයකි. කව්දෝ උඩතට්ටුවකින් පැනල යැයි පිරිසක් කෑ ගසන්නවා ඇයටද ඇසුණි.

මේ පුවත ලද සැනින් අපද වහා  රෝහලට ගියෙමු. මූලික ප්‍රතිකාර ඒකකයේ සිට චමිලාව ගිලන් රථයක් වෙත ගෙන යමින් තිබුණි.ඇගේ ඇදුම් එහා මෙහා වි තිබිණි. ඇය යන්තම් අතක් සෙලවිය.

පසුව වහා ඇයව රාගම රෝහල වෙත ගෙන ගියද අතර මගදිම ඇය අවසන් හුස්ම හෙලා ඇති බව දැනගන්නට ලැබුණි.

පොලිසිය විසින් කරනු ලැබු මුලික පරික්ෂණ වලින් පසුව බියට්ට්‍රිස්ගේද කටඋත්තර ලබාගැනිමෙන් පසු චමිලාගේ මරණයේ සැකකරු ලෙසින් සුදර්ශන බාලගේ නම් වු සිමාවාසික වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන බන්ධනගාර ගත කෙරෙයි.

පොලිසිය විසින්  රෝහලේ හයවන මහලේ පුළුල් පරික්ෂණයක් සිදු කළ අතර එහිදි චමිලාගේ අත්බෑගය පාවහන් යුගල සහ කුඩයද කබ්ඩ් එකක් තුල තිබි සොයාගෙන තිබුණි.එමෙන්ම පොලිසිය විසින් පවසා තිබුනේ ලිංගික උත්තේජනය ඔෘෂධයක් වු ව්‍යාඝ්‍රාද එහි තිබි සොයාගෙන තිබුණ බවයි.එමෙන්ම අදාල වෛද්‍යවරයාගේ රාමුකරන ලද මංගල ජායාරූපයක්ද එහිවිය.

ඔහු විවාහ වි සිටියේ රාගම රෝහලේ හෙදියක් සමගින්ය.

දැන් සියල්ල සිදුවි අවසන්ය. මරණ පරික්ෂණයට ආදාල වාර්ථාවන්ගේ පමාව මත නඩුව දිනෙන් දින කල්  ගියේය.

සියල්ලන්ට චමිලාගේ මරණය දැන් අමතකය.

එහෙත් සුදර්ශන බාලගේ පිළිබදව කුරණ ගම්වැසියන් තුල ඇත්තේ ප්‍රසාදයකි. මන්ද ඔහු අඩු මුදලට බෙහෙත් දෙන නිසාත් ඕනෑම රෑක එහි ගොස් බෙහෙත් ගැනිමට ඇති හැකියාව නිසාත්ය.

මීලඟ නඩු දිනය යෙදි ඇත්තේ 2013 මාර්තු 5 වෙනිදාටය.