චමිලාගේ ඝාතනයට සෞඛ්‍ය බලධාරිනුත් වගකිව යුතුයි.

0
63

P1170862මීගමුව රෝහලේ දි 2007 වසරේ නොවැමබ්ර් මාසයේදි ඝාතනයට ලක් වු චමිලාගේ සිදුවිමට පෙර අදාල සැකකාර වෛද්‍යවරයා විසින් 2007 අගොස්තු මාසයේදි මීගමුව රෝහලේ කාන්තා වාට්ටුවක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි යුවතියක් කිසියම් පරික්ෂණයකට යැයි කියා තමන්ගේ පුද්ගලික කාමරයට  ගෙනගොස් අතරවර කිරිමට තැත් කිරිමේදි ඒ යුවතිය විසින් කෑගසා ඉන් පැන ඇවිත් සිදුවිම තම පෙම්වතාටද දැනුම් දි ඇත.
ඉන් අනතුරුව ක්‍රියාත්මක වු සිය පෙම්වතා මේ වෛද්‍යවරයා හට රෝහල් භූමිය තුලදි ම පහර දි තිබුණි.
එහෙත් මේ සම්බන්ධයෙන් අදාල සෞඛ්‍ය බලධාරින් කිසිදු මැදිහත්විමක් කළ බවක් නොපෙනුනේ ඊට මාස 2 කකට පසුව මීගමුව රෝහලද අපකිර්තියට පත් කරමින් අංහිසක යුවතියකගේ ජිවිතයක් බිලිගැනිම දක්වා මේ වෛද්‍යවරයාගේ අංසවරකම දිගුව තිබු නිසාය.
වෘත්තිය සදාචාරයේ රතු ඉර පැන්න  මේ සිමාවාසික වෛද්‍යවරයා බේරාගැනිමට ක්ෂණයකින් ක්‍රියාත්මක වු මීගමුව රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් කලේ මෙම තරුණිය මානසික රෝගයකින් පෙලෙන අයෙක් යැයි අැෙග්  රෝහල් ඇද ඉහපත් වාර්ථාවේ සටහන් තැබිමය.
මේහි ඇත්ත නැත්ත දැනගැනිමට මීගමුව රෝහලේ සිටි පරාක්‍රම නැමැති වෛද්‍යවරයාගෙන් විමසිමට  පුලුවන.
2005 වසරේ මාර්තු මාසයේදි සිත්ති නසිරා නම් වු මුස්ලිම් කතගේ කකුළක් වැරදිමකින් කපා දැමිම ගැන චෝදනා ලැබු සිටියේද මේ පරාක්‍රම නැමැති වෛද්‍යවරයාය.
ඉතින් මෙවන් වෘත්තිය ක්ෂෙත්‍රයක වගකිමක් ඉටු කරන්නට නොහැකි අයෙක් වෙත හුදු පුද්ගලික බේත් ශාලාවක් පවත්වාගෙන යෑමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේද  ඉහල නිළයක් දැරු අයෙක් විසින් ඉඩලබාදිම අප තේරම්ගත යුත්තේ කෙසේද??
එමෙන්ම වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි නැත්තේ නම් ඔහුට ප්‍රතිකාර කිරිමට නිතියෙන් ඉඩක් නැති පසුබිමක් යටතේ පුද්ගලික බේත් ශාලවක්ම පවත්වාගෙන යාමට ඉඩ දිම හරහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා මෙන්ම වෛද්‍ය කවුන්සිලයේ බලධාරින්ද සිය වගකිම් නැවත මතක් කිරිමට වගබලාගතයුතුව තිබේ.