චැනල් ගාස්තුව රු 2000 වඩා ඇමති බැහැයි කියද්දි රු 350ට තාමත් ලෙඩ්ඩු බලන මීගමුවේ අපේ දොස්තර!

0
55

stock-photo-cost-of-health-care-144337669පෞද්ගලික රෝහල් සහ රෝගී සත්කාරක සේවා (චැනල් සේවා) විසින් වෛද්‍ය පරීක්ෂාවක් සඳහා රෝගියකුගෙන් අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙදහසක උපරිමයකට යටත් කෙරෙන චක්‍රලේඛය ක්‍රියාත්මක බව සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න පවසන බව බිබිසි සංදේශය වෙබ් අඩවියේ සදහන් කර තිබුණි..

විශේෂඥ වෛද්‍ය උපදෙස් පතා පුද්ගලික රෝහල් සහ සායන වෙත යන රෝගීන්ගෙන් අධික ගාස්තුවක් අය කරනු ලබන බවට ලැබුණු පැමිණිලි දෙස අවධානය යොමු කොට ඉහත කී නියාමනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා කියා සිටින බව එහි සදහන්ය.

එම ක්‍රියාමාර්ගයට වෛද්‍යවරුන්ගේ විරෝධය එල්ල වූ නමුත් එය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍යය අමාත්‍යංශය පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් තිබේ.

මේ අතර පෞද්ගලික රෝහල් වෙත යන රෝගියකු වෛද්‍යවරයකු විසින් අවම වශයෙන් විනාඩි 10 ක් පරීක්ෂා කළ යුතු බව චක්‍රලේඛයට අයත් බවත් අමාත්‍යවරයා එහිදි පවසා තිබුණි.

මහජන බදුමුදල් වලින් ඉගෙන ගෙන රෝගියෙකුගෙන් රු 2000 කට වැඩියෙන් ගන්න ඕනියි කියන වෛද්‍යවරු මෙන්ම පුද්ගලික චැනල් ගාස්තු රු 2000 ක් ඉක්ම නොවිය යුතු බව කියන සෞඛ්‍ය ඇමතිවරයාද ලැජ්ජාවට පත්විය යුතු පුවතක් අපට මීගමුවෙන් වාර්තා කරන්නට තිබේ.
එනම් චක්‍රලේඛන වලින් රෝගියෙකු බැලිය යුතු කාලය විනාඩි 10 ක් යැයි සෞඛ්‍ය ඇමතිවරයා කියද්දි ඊටත් වඩා වැඩි කාලයක් ඇවැසි නම් රෝගියෙකු වෙනුවෙන් වැය කරන්නට සුදානම් වෛද්‍යවරුද රටේ සිටිති
එවන් වෛද්‍යවරයෙක් මීගමුවේද සිටිම ගැන අප ට ඇත්තේ නිහතමානි සතුටකි.ඔහු අදටත් සිය චැනල් සේවාව සදහා අය කරන්නේ රු 350 කි.
වෛද්‍යවරයා තුල ඇති වෙළෙන්දාව පාලනය කරන්නට සුව ඇමති රාජිතට හැකිවේ දැයි අප නම් නොදනිමු.
එහෙත් එක දෙයක් පමණක් අප කියන්නට කැමැත්තෙමු.
එනම් රු 2000 ට වැඩිය ගන්න එපා යැයි කියමින් නීති දමද්දි තවමත් රු 350 ට සිය  විශේෂඥ සේවය රෝගින් හට ලබාදෙන වෛද්‍යවරයෙකු මීගමුවේ සිටින බව පමණක් දැනගන්නා ලෙසද සුව ඇමතිගෙන් ඉල්ලමු.