චිත්‍රාල්ගේ FB සටහන සහ පුත්තලමේ කුපාඩියා ……….

0
53

”හෙට දින පැවැත්වෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන මාගේ සහෝදර සියලු වයඹ පළාත් සභා මන්ත්‍රී තුමන්ලාටත් අනෙකුත් පක්ෂ විපක්ෂ අපේක්ෂක තුමන්ලාටත් මාගේ සුභ පැතුම් මෙයින් එක් කරමි. ජයග්‍රහනය ලබන ඔබ සියලු දෙනාට මේ රටේ උන්නතිය වෙනුවෙන් කැපවීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. – ”
වයඹ පළාත් සභා මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු

අප මේ  සටහන තබන්නට පැය 2 කට පෙර චිත්‍රාල් ප්‍රනාන්දු පළාත් සභා මන්ත්‍රිවරයා විසින් ඔහුගේ මුහුණු පොතේ තබාතිබුන සටහන ගැන යමක් ලිවිය යුතු යැයි කල්පනා කලේ නියත වශයෙන්ම පාර්ලිමේන්තුවට යා යුතුව තිබුන සහ යාහැකිව තිබුන ප්‍රතිපත්තගරුක තරුණ දේශපාලකයෙකුගේ දේශපාලන අනාගතය පුත්තලමේ තවත් එක කුපාඩියෙකු නිසා වැලකි ගිය නිසාවෙනි.
අප දන්නා තරමින් මෙවර වයඹ පළාත් සභාවේ මන්ත්‍රින්ගෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලන්නට වරම් නොලද මන්ත්‍රිවරුන් දෙදෙනාගෙන් එකෙකු වන්නේ චිත්‍රාල්ය.
අනිකා වන්නේ ජයවික්‍රම පෙරේරාගේ පුතණුවන්ය.
ඔහුට ඉල්ලන්නට අවස්ථාව නොලැබි යන්නේ ඔහුගේ පියා වන ජයවික්‍රම පෙරේරා මෙවර තරග කරන නිසාවෙනි.
මෙවර පුත්තලමෙන් මැතිවරණයට තරග වදින වයඹ පළාත් සභාවේ එජාප මන්ත්‍රින් අතරින් සියළුම කරුණු අතරින් ඉදිරියෙන්ම සිටින දේශපාලකයා වන්නේ චිත්‍රාල්ය.
අනෙක් අය ඇත්තටම කියන්නේ නම් චිත්‍රාල් ට දෙවැනිය.
ඒ උගත්කම අවංකකම සහ ප්‍රතිපත්තිගරුක කම අතිනි.
අශෝක ප්‍රියන්ත නමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති එජාප වයඹ පළාත් සභා මන්ත්‍රිවරයා යනු ඔහුගේ මැතිවරණ ප්‍රචාරක පොස්ටර වලට වැරදිමකින් පෑනක් සහිත රුපයක් යොදාගත්තෙකි. ඇත්තටම ඔහු විසින් යොදාගත යුතු සලකුණ විය යුතුව තිබුනේ බැකෝ යන්ත්‍රයකි.
ඒ ඇයිදැයි අපට වඩා හොදින් දන්නේ ඔහු ඡන්දය ඉල්ලන පළාතේ ම ජනතාවයි.
හෙක්ටර් අප්පුහාමි යනු සිය මැතිවරණ ව්‍යාපාරයේදි දුප්පත් මිනිසුන්ට පාප්ප ටිකක් වත් හදාගන්න සල්ලි නොදි පොස්ටර් මිටි ගණන් ලබාදි යාම නිසාම සිය පාක්ෂිකයන් අතර අප්‍රසාදයට පත්වු කුණු ලෝබයෙකි.
එපමණක් නොව මහජන සේවය සදහා තිරුබදු රහිතව ලැබුන වාහනය රෙදිවලින් පොරවා සිය පාක්ෂිකයන්ටද නොපෙනෙන සේ හංගාගෙන ඉන්නට තරම් වු දේශපාලන කුහකයෙකි.
බස්ශාන්ත නැමැත්තා ගැන කියන්නට දේවල් අපමණය.
මේ අනුව ගත් කළ චිත්‍රාල් ගැන කියන්නට කාටවත්ම කිසිම වැරැද්දක් ඇත්තේ නැත.
එහෙත් එවන් ප්‍රතිපත්තිගරුක තරුණ දේශපාලකයෙකුගේ  ගමනට වල කපන්නේ එකම එක කුපාඩියෙකු විසිනි.
එවන් කුපාඩියන්ගෙන් යහපාලනය සහ මෛත්‍රි පාලනය බේරාගැනිමේ වගකිම පැවරි ඇත්තේ පුත්තලමේ ප්‍රගතිශිලි ජනයා වෙතය.
හෙට දිනයේ යළි ස්ථාපිත කෙරෙන යහපාලනය මෙවන් කුපාඩියන්ගෙන් බේරාගැනිම සිදුනොකරන්නේ නම් පුත්තලමේ සැමට සොරි ඩොට් කොම්ය.
ෆයස් ප්‍රනාන්දු – වෙන්නප්පුව

chitral

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here