චීනයේ මෙවරත් රාමදාන් උපවාසය තහනම් ?

0
237
එරට රජයේ හමුදා හා Uighurs වරුන් අතර නිරන්තරයෙන් ඇතිවන ගැටුම් දැක්වෙන ඡායාරූපයකි.

මෙවර රාමදාන් උපවාස සමයේදී උපවාස කිරීමෙන් වළකින ලෙසට චීන රජය නැවත වරක් එරට මුස්ලිම් ප්‍රජවට නියෝගයක් ලබා දී ඇතැයි වාර්ථා වනවා. මෙම නියෝගය ප්‍රධාන වශයෙන්ම ලබා දී ඇත්තේ Xinjiang දිස්ත්‍රිකකයේ වෙසෙන Uighurs ලෙස හදුන්වන මුස්ලිම් ප්‍රජාවටයි. එම ජන කොටස එරට වෙසෙන සුළු ජන කොටසක් ලෙසයි හදුන්වන්නේ. මෙම තහනම් කිරීමට ප්‍රතිචාර දක්වමින් Uighurs වරුන්ගේ නායක Dilxat Raxit පවසන්නේ චීන රජය මේ හරහා උත්සහ දරන්නේ තමන්ගේ ඉස්ලාමීය විශ්වාසය පාලනය කිරීමට බවත් එම නිසාම මේ වන විට  Uighursවරුන්ගේ විශ්වාසය දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බවත්ය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙවැනි පාලනය කිරීම් තවදුරටත් සිදු වුවහොත් ඊට එරෙහිව දැඩි විරෝධයක් ගොඩනැගෙණු ඇති බවයි. මේ අතර පසුගිය වසර කිහිපය පුරාම එරට සිවිල් ජනයා හා රාජ්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාර වලට රජය Uighurs බෙදුම්වාදීන්ට දිගින් දිගටම චෝදනා කරන අතරම Uighurs වරුන් විසින් එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරණු ලබනවා. ඒ අතර තම තහනම තවදුරටත් දැඩි කරමින් එරට රජය සියළුම හලාල් ආපනශාලා වෙත දැනුම් දී ඇත්තේ උපවාස පැවැත්වෙන දහවල් කාලයේදීත් ඒවා  විවෘතව තබන ලෙසයි.එලෙසම ශුද්ධවු මාසය තුල තමන්ගේ ආපනශාලා වල සිගරට් හා මත්පැන් වෙළදාම සිදුකරන ලෙසද රජය වෙළදසැල් හිමියන්ට දැනුම් දී ඇති බවයි වාර්ථා වේ.

theindependent.co.uk ඇසුරෙනි- මිතිලායා ගමගේ

එරට රජයේ හමුදා හා Uighurs වරුන් අතර නිරන්තරයෙන් ඇතිවන ගැටුම් දැක්වෙන ඡායාරූපයකි.
එරට රජයේ හමුදා හා Uighurs වරුන් අතර නිරන්තරයෙන් ඇතිවන ගැටුම් දැක්වෙන ඡායාරූපයකි.

 

එරට රජයේ හමුදා හා Uighurs වරුන් අතර නිරන්තරයෙන් ඇතිවන ගැටුම් දැක්වෙන ඡායාරූපයකි.
එරට රජයේ හමුදා හා Uighurs වරුන් අතර නිරන්තරයෙන් ඇතිවන ගැටුම් දැක්වෙන ඡායාරූපයකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here