චීන්නුන්ටත් රේස් යන්න බයික් හදන මීගමුවේ ප්‍රසන්න…

0
306

අපි කැමතියි මුලින්ම ඔබේ අතීත කාලය නැවත ආවර්ජනය කරනවා නම්
මම උපන්නේ 1982 මීගමුව වැල්ලවිදිය ප්‍රදේශයේග පාසල් ගියේ අසිරීමත් දේවමතා පාසලට වයස අවුරුදු 05දි පමණ කාලේ සිට මට පුදුමාකාර උනන්දුවක් සහ ආශාවක් තිබුණා මේ යතුරු පැදි අළුත් වැඩියා තාක්ෂණය ගැන දැන කියා ගන්නග ඒ අනුව මම දළුපත ප්‍රදේශයේ ටියුඩර් නැමැති යතුරු පැදි අළුත් වැඩියා කරන කෙනෙක් ලඟ මුලිකව මේ ගැන දැන කියා ගත්තා පසුව කොච්චිකඩේ මඩම්පැල්ල පාරේ මහින්ද කියන දක්ෂ යතුරු පැදි අළුත් වැඩියා කරන්නෙකු ලඟ වසර 03ක් පමණ සේවය කළා.prasanna2
ඉන් පසුව මම මීගමුව ගල්කන්ද හන්දියේ ඉතාම දක්ෂ සහ අවංක යතුරු පැදි අළුත් වැඩියා කල අයෙකු ළඟ සේවය කළා එයාගේ නමත් මහින්ද ගල්කන්ද හන්දියේ මහින්ද අයියා කියපුවාම ඔහුව ඔිනෑම අයෙකු දන්නවාග ඔහු මේ ක්ෂේත්‍රයේ අති දක්ෂයෙක් මගේ ජිවිතයේ මම ලබපු ලොකුම භාග්‍යක් තමයි ඔහු යටතේ සේවය කරන්න ලැබීම එතනින් මම මේ ක්ෂේත්‍රය ගැන
තාක්ෂණය ගැන පමණක් නෙවෙයි දැන කියා ගත්තේ සමාජය ගැන මිනිස්සු ගැන ගොඩත් දේ දැන කියා ගත්තා මහින්ද අයියා හැම තිස්සේම එතැන වැඩ කරපු මම ඇතුළු අනේක් අයට නිතරම කිව්වේ හැම වේලාවෙම සාධරණව ජීවත් වෙන්න කියලයි.
ඒවාගේම පාරීභොගිකයාට ඇත්තම කියන්න ගෙවුණු අමතර කොටස් පාරීභෝගිකයාට පෙන්නලා ඔහුව ඒ පිළිබඳව දැනුවත් කිරීම අළුත් වැඩියාවක් කරන්න පුළුවන් නම් ගෙවුණු අමතර කොටසකට ඒ පිළිබඳව පාරිභෝගිකයාව දැනුවත් කර ඊට යොමු වීම ඇතුළු බොහෝ දේ මම එතැනින් ඉගෙන ගත්තාග ඒ වාගේම මට එතැන විශාල නිදහසක් තිබුණා සමහර දේවල් මම එතැනදි මම පරීක්ෂණාත්මකව අත්හදා බැලුවා එ පිළිබඳව මහින්ද අයියාගේන් බොහෝ දේවල් දැන කියා ගත්තා යතුරු පැදි අළුත් වැඩියාවට වඩා ඉන් එහා ගිය යතුරු පැදි අපට අවශ්‍ය විදිහට එහි ඇන්ජින් ධාරිතාවය වේගය වැඩි දියුණු කරගන්න අවශ්‍ය විශාල ඥාණයක් මට එතැනදී ලැබුණා ඒ අනුව තමයි මම පසු කාලීනව මේ යතුරු පැදි නවීකරණය කියන පැත්තට වඩාත් නැඹුවුනේ.
මහින්ද අයියා වසර 20ක් විතර ගියාට පස්සේ එයා තිරණය කළා මෙතනින් පස්සේ එයා වැඩ කරන්නේ නැහැ කියලා එයා මම ඇතුළු එතැන වැඩ කරපු අයට කිව්වා
මෙතැනින් ගියාට පසු වෙන අය යටතේ වැඩ කරන්නේ නැතිව තමන්ගේම තැනක වැඩකරන්න කියලා ඒ අනුව තමයි මගේම කියලා වැඩ පලක් දෙමංහන්දියේ පටන් ගත්තේ.
මම යතුරු පැදි අළුත් වැඩියාවට සර්විස් කිරීම වාගේ වැඩ පටන් ගත්තා ඒත් එක්කම ජපානයේ නිෂ්පාදිත යතුරු පැදි ආනයනය කරන්නත් මුල පිරුවා ඊට පසු මට තේරුම් ගියා මේ වැඩපල ප්‍රධාන පාරක් අයිනකට අරගෙන යන්න අවශ්‍යයි කියලා මම දැන් මේ මීගමුව Y හංදියේ මේ නව වැඩපළ සහ යතුරු පැදි ප්‍රදර්ශනාගාරය ආරම්භ කලේ 2012 වසරේ මගේම ව්‍යාපාරයක් විදියට ඒකෙ නම ප්‍රසන්න ඔටෝ වර්ක්ස් සෙන්ටර්


ඔඛෙි මේ අළුත් තැන වෙනත් යතුරු පැදි අළුත් වැඩියා කරන තැනකට වඩා වෙනස් වෙන්නේ කොහොමද?
සමාන්‍ය යතුරු පැදි අළුත් වැඩියාව ඒ කියන්නේ ගෙවී ගිය අමතර කොටස් වෙනුවට අළුත් එවා සවි කිරීමල රේපෙයාර් කර හදන්න හැකි අමතර කොටස් එලෙස සිදුකර සවී කිරීම වාගේ දේවල් වෙනත් තැනකින් සිදු වෙන කටයුතු වලට අමතරව මෙතැනින් අංග සම්පුර්ණ ලෙස උසස් ඔයිල් වර්ග යොදා මෙහිදි සර්විස් කර ගත හැකි වෙනවා මේ සෑම සේවාවකටම විස්වාශයකින් යුත් වගකීමක් ලැඛෙනවාග ඒ වාගේම විශේෂයෙන්ම ජපන් යතුරු පැදි සඳහා
අමතර කොටස් වගකීමකින් යුතුව මිලදී ගත හැකියි ඒ වාගේම විශේෂයේන්ම ජපානයේ සිට විශේෂ පරීක්ෂාවකට ලක් කර විශේෂිතව ්‍යදබා්ලහ්ප්ය්ල ීමzමනස යතුරු පැදි ආනයනය කර වගකීමකින් යුතුව සාධරණ මිල ගනන් වලට මිලදී ගත හැකියි


යතුරු පැදි ධාවන තරඟ සඳහා සහාභාගි වෙන ධාවන ශුරයන් අතර ඔබ ඉතා ජනප්‍රියයි ඔබ කොහොමද ඒ තරඟ සඳහා සම්බන්ද වුනේ ?
මම මුලින්ම කිව්වේ යතුරු පැදියක් අළුත් වැඩියාකරනවා කියන්නෙ ගෙවුණු අමතර කොටස් වෙනුවට අළුත් එකක් දාලා යථා තත්වයට පත් කරන එකයි නමුත් මම එතැනින් සැහිමකට පත් නොවී තරඟ වලට සහාභාගි වෙන යතුරු පැදි වල ඇන්ජින් වල ක්‍රියාකාරිත්වය සහ වේගය වැඩි කරන්න හැකිග ක්‍රම වේදය එම තාක්ෂණීක ක්‍රම වේදය මම අත්හදා බලා ක්‍රියාවට නැගුවා එය ඉතා සාර්ථක වුනා ඒ අනුව තමයි ඔය ධාවන ශුරයන් මාව හදුනා ගන්නේ.
දැන් මේ වන විට මීගමුවෙ පමණක් නොව කොළඹ ප්‍රදේශයෙත් ලංකාවේත් ජාත්‍යන්තර තරඟ වලට යන එම යතුරු පැදි ධාවන ශුරයන් කණ්ඩායම් වල කාර්මික සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා.
ඒ අනුව 2013 වසරේ සිට මම එලෙස යතුරු පැදි කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කරනවාග ලංකාවේ ඉතා ප්‍රසිද්ධ යතුරු පැදි ධාවන ශුරයෙක් වන නුවර ප්‍රදේශයේ ක්‍රිෂාන් පදින 600ජජ යතුරු පැදිය ඒ වාගේම කොළඹ ගිහාන් සැමුවෙල් පදින 250CC 1000 යතුරු පැදි මගේ අළුත් වැඩියාව සහ නවීකරණය වු යතුරු පැදි ඒ වාගේම සිංගප්පුරුවෙන් අමතර කොටස් ගෙනත් චින ජාතිකයෙක් වු ජෙෆ්චි කියන ධාවකයාගේ යතුරු පැදි කාර්මිකයා වන්නේත් මමයි. ඔහු 2013 ශුරයා බවට පත් වුණා 2014 එම තරඟ නැවත තියෙනවා ඒ වාගේම ධාවන තරඟ සඳහා සහාභාගි කරවන යතුරු පැදි සඳහා කාර්මිකයෙකු ලෙස මට ක්‍රිඩා අමාත්‍යංශයෙන් අනුමැතිය සහ අවසර ලැබී තිඛෙනවා


ඔබ ඉපදී හැදී වැඩුණු හා දැනට ඔඛෙි ව්‍යාපාර කටයුතු කරනමීගමු නගරය පිළිබඳව ඔඛෙ අදහස දැනගන්න කැමතියි.
මීගමුවෙි නගර සැලසුම නම් මට පෞද්ගලිකව සැහිමකට පත් වෙන්න බෑ…..

යතුරු පැදි අමතර කොටස් සදහා වෙනම සාප්පු සංකිර්ණයක්
  නගරයේ ඉඩම් සැලස්මක් නැහැ හිතු හිතු තැන් වල එක එක ව්‍යාපාර කරනවා ව්‍යාපාරයක් වෙන් කරලා ඒ වෙනුවෙන් වෙන වෙනම ප්‍රදේශ වෙන් කරලා නැහැ ඒ විශාල අඩුවක් එකම ව්‍යාපාරය සහිත කඩ රැගෙන ආ යුතුයි මීගමුව නගර පාලකයන්ට මම කැමතියි යෝජනාවක් කරන්න අර කොළඹ පංචිකාවත්තේ ඩාර්ලි පාරේ වගේ ස්පෙයා පාටිස් කඩ ලේන් මැෂින් වැඩපලවල් යතුරු කපන තැන් වාගේ වෙළද ව්‍යාපාර ආයතන වෙනම පාරකට ගන්න මම ඒ සඳහා යොජනා කරන්නේ මීගමුවේ අලුත්පාර ඒ කියන්නේ අගරදගුරු මාවත ඒ සඳහා හොඳයි කියලයි එම පාරේ බස් නැවතුම් පල අසල සිට රේල් ගෙට්ටුව දක්වා රේල් පාර පැත්තේ ස්පෙයා පාටිස් කඩ සංකිරණයක් පාර දිගේ හදන්න පුළුවන්නම් ඒය නගරසභා වාගේ ආයනයකට හොඳ අදායම් මාර්ගයක් වේවි ඒ එක්කම කොළඹ පංචිකාවත්තට යන පිරිස මීගමුව පැමිණිමට පටන් ගනි ඒය මීගමුව වක්‍ර සහ සඃජු ආදයම් වර්ධනයක් බවට පත් වේවි

තාක්ෂණය ගැන පාඨමාලා
ඒවගේම මීගමුව තුල ජිවත් වන මේ යතුරු පැදි තාක්ෂණය ගැන උනන්දු වෙන එය තම ජිවිිකාව බවට පත් කරගන්න අදහස් කරගෙන තියෙන තරුණ ළමයින්ට ඒම තාක්ෂණය ගැන -වගේම ප්‍රායෝගීක පුහුණුවක් ලබා ගත හැකි පරිදි ඒ තාක්ෂණය ගැන අධ්‍යාපනය ලබා ගත හැකි පරිදි පාඨමාලා සකස් කළ යුතුයි අද වන විට විරැකියාවෙන් මත්
ද්‍රව්‍ය වලට ඇබිහි වෙලා ජිවිත විනාශ කර ගන්න තරුණයන්ට මෙවැනි පාඨමාලා පැවත්විම ඉතා යහපතක් වේවි මෙ වෙද්දි BOSCO ’ ආයතන නම් එවැනි පාඨමාලා පවත්වනවා ඉතින් මම කියන්නේ රජයෙන් නගර සභාවෙන් මෙවැනි දෙයක් නොමිලේ කරනවානම් එය ඉතාමත් යහපත් දෙයක්


යතුරුපැදි වර්ගිකරණය කොට රියදුරු බලපත් දෙන ක්‍රමයක්
යතුරු පැදි අනතුරු අවම කර ගැනිමට මේ යතුරු පැදි සඳහා ලබා දෙන රියදුරු බලපත්‍ර ලබා දීමේ දැනට තියෙන ක්‍රමය වෙනස් වියයුතුයි කියා මා විශ්වාස කරනවා් සැහැල්ලු වාහන ලබර වාහන යනුවෙන් රථ වාහන බලපත්‍ර ලබා දෙන පිළිවෙලට යතුරු පැදි බලපත්‍රය ඛාණ්ඩ කිහිපයකට ලබා දිය යුතුයි ඇන්ජිමෙි වේගය සහ එහි ක්‍රියාකාරිත්වය අනුව මේ යතුරු පැදි බලපත්‍ර ක්‍රමය වෙනස් විය යුතුයි

අවසාන වශයෙන් ඔබේ අනාගත බලාපොරොත්තු ගැන දැන ගන්න කැමතියි.?මගේ බලාපොරෝත්තුවක් තියේනවා රජය හෝ වෙනත් ආයතනයක් විසින් මට යමි සහයෝගයක් දෙනවානමි පිටරටින් ආනයනය කරන යතුරු පැදි වලට සමහර අමතර කොටස් ලංකාවෙිම අපේ තැනක අපේ ශ්‍රමිකයින් යොදවා නිෂ්පාදනය කරන්න විශේෂයෙන්ම අපේ ලංකාවෙි දැනට භාවිතා කරන තාක්ෂණික ක්‍රම මගින් යතුරු පැදි වල වේගය වැඩි කරන සයිලන්සර් ටයර් සුදු යකඩ බාර් වගේ දෙවල් ඇණ නට් වර්ග වාගේ දේවල් නිෂ්පාදනය කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඒ වාගේම පිටරටින් විශේෂයෙන්ම අපේ දේශගුණීක විපර්යාස වලට ඔරොත්තූ දෙන ආකාරයට ඇන්ජිමෙි වේගය සහ ක්‍රියා කාරිත්වය වැඩි කර එලෙසම ඉන්ධනධාරිතාවය වැඩි කර එය අපටම ගැලපෙන අපේම යතුරු පැදියක් ලෙස ප්‍රති නිර්මාණය කරමින් නිෂ්පාදනය කරන්න බලාපොරත්තුවක් තියෙනවා මෙය දේශීිය ව්‍යාපාරයක් වනවා සේම මෙම ව්‍යාපාරය තුලින් සිය ගණනාවකට රැකියා අවස්්ථා සැපයීමටත් හැකි වෙනවා ඒ වාගේම මෙවැනි කර්මාන්ත අපේ රටේ ඇති වීම හරහා අමතර කොටස් වලට වියදම් වන විශාල විදේශ විනිමය ඉතිරි කීරිමට හැකි වෙනවා
ඒ වාගේම අර මම මුලින් කීවා වාගේ මේ යතුරු පැදි තාක්ෂණය හා කර්මාන්තය ගැන තරුණ පරපුරට පාඨමාලා කරන අවශ්ථාවක දශක 03ක පමණ කාලයක් තිස්සේ මා සතුව ඇති අත්දැකීම් පලපුරුද්ද ප්‍රායෝගික විෂය කරුණු පිළිබන්දව දැනුවත් කිරීමට ඒ අයව පුහුණු කිරීමට මා සැමවිටම සැදී පැහැදී සිටිනවා
prasanna 1
සංවාද සටහන සහ ඡායාරූප – තුෂාර රෝහාන්