චීවරධාරියෙකු ඇතුළු මැර පිරිසකගෙන් ”සමබිම” සම්මන්ත්‍රණයට ප්‍රහාරයක්…?

1
127

DSC_0188DSC_0195

උතුරට දුන්නොත් නැගෙනහිරට නැති වෙන්නේ මොනවාද  යන තේමාවෙන් සමබිම පුවත්පත විසින් අම්පාර නගරයේ ටෙරල් ශාලාවේදී අද දින (14) පෙරවරුවේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණය ඒ ස්ථානයට කඩා වැදුණු චීවරධාරියෙක් ප්‍රමුඛ  මැර කණ්ඩායමක්  විසින් කඩාකප්පල් කර දමන ලදී.

සමබිම පුවත්පත ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ ජාතික ප්‍රතිසන්ධානය වෙනුවෙන් පෙනී සිටින මාසික සිංහල පුවත්පතකි. මෙම සම්මන්ත්‍රණය  සංවිධානය කරන ලද්දේ සමබිම පුවත්පතේ පාඨකයන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවක 11 වැන්න ලෙසය. නිදහසේ වේදිකාවේ කැදවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ සමබිම සංස්කාරිකා මනෝරි කලුගම්පිටිය ඇතුළු පිරිසක් සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වීමට පැමිණියහ.

සම්මන්ත්‍රණය ආරම්භ කර සුළු මොහොතකින් සභාවේ අසුන්ගෙන සිටි චීවරධාරියෙක් දේශකයන්ට බාධා කරමින් සම්මන්ත්‍රණය නැවැත්විය යුතුබව කියා සිටි නමුත් එහිදී නීතිඥ සුදර්ශන ගුණවර්ධන ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් වශයෙන් තමන්ට අදහස් ප්‍රකාශ කිරීමට සහ සාමකාමීව රැස්වීමට අයිතිවාසිකමක් තිබෙන  බැවින් තමන් සම්මන්ත්‍රණය නොනවත්වන බවය.

මෙහිදී එයට දිගින් දිගටම බාධා කළ සංවිධානාත්මක කණ්ඩායමක් පවසා සිටියේ තමන්ගේ මතය හැර වෙනත් මත අම්පාරේ තිබිය නොහැකි බවයි.  මෙම පිරිස අතර අම්පාර නගරාධිපතිවරයාගේ සහචරයින් පිරිසක්ද  සිටි බව හදුනා ගන්නට හැකි විය.

සම්මන්ත්‍රණයට සහභාගී වී සිටි බොහෝදෙනෙකු මෙම මැර කණ්ඩායමේ හැසිරීම පිළිකුලෙන් හෙළා දුටු අතර  අනාගත ලංකාවේ වෙනත් විකල්ප මතවලට අත්වීමට නියමිත ඉරණම පෙන්වා දුන් තවත් එක් අවස්ථාවක් ලෙස ඔවුන් විසින් මෙය හදුන්වා දෙන ලදී. මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළ සමබිම පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජික ඥානවීර දිසානායක මහතා පැවසුවේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බවයි.

උපුටා ගැනිම -සමබිම වෙබ් අඩවිය

 

1 COMMENT

  1. Me wage taleban pannaye cheewaradareen Bududahamath,Sinhala jathiyath vinasa karadamanu niyatayak.Mayalata inya matha iwaseemee budu gumaya gena issella ugannala pasuwa balaya bedeema gena kiyanna.

Comments are closed.