චෝදනා රැසක් එල්ල වි ඇති කොමසාරිස්වරියට ස්ථාන මාරුවක් ?

0
93

මෑත මිගමු ඉතිහාසය තුල මිගමුව මහනගර සභාවට පත්වු වැඩිම චෝදනා විවේචන සහිත නාගරික කොමසාරිස්වරියට මිගමුවෙන් ඉවත් කිරිමට ඇති සුදානමක් ගැන කසුකුසුවක් මේ දිනවල මිගමුව තුල පවති.
දේශාපලකයන්ගේ අල්ලේ නැටවෙන්නියක ලෙසින් ඇය බරපතල චෝදනා රැසකට මුල් වු අයෙකු වු අතර මෑතකදිම ඇයට එල්ලවු බරපතලම චෝදනාව වුයේ මිගමුව ගිනි නිවන ඒකකය තුල මත්පැන් සාදයක් පැවැත්විම සහ ඇයද ඊට සහභාගිව සිටිමය.
මිගමුව තුල චෝදනා ඒල්ල වි ඇති රාජ්‍ය නිලධාරින්ව මෙන්ම දුෂිත දේශපාලකයන්වද රකිමින් සිදුකරගෙන ගිය පරිපාලන සේවාව සමස්ත සිවිල් පරිපාලන ක්ෂේත්‍රයටම අවමානයකැයි මිපුර හා මැතකදි කියා සිටියේ මිගමුවට සම්බන්ධ ජේෂ්ඨ පුද්ගලයෙකි.
කෙසේ වෙතත් ඇය වැනි දුෂණ චෝදනා රැසක් එල්ලව ඇති අයෙකුට මෙතරම් කාලයක් මිගමුව තුල ඉන්නට ලැබෙන්නේ එවැනි අයෙකුව දේශපාලකයන්ගේ වංචා දුෂණ වලට මිගමුවේම තබා ගත යුතුව ඇති බැවිනි.
ඇයට ස්ථාන මාරුවක් ලැබෙන්නේ යැයි කියැවෙන පුවතද සමගින් ඇය වෙනුවට පැමිණිමට නියමිත යැයි කියන්නේද මරුම බඩුවකි,
ඔහු මිගමුවට එන්නේ නම් කඩොලාන පරිසරයටද දෙයියන්ගේම පිහිටය.

මත්පැන් සාදයකට ඒක්ව සිටි නාගරික කොමසාරිස්වරිය …