චෝදනා වලට ලක්ව ඇති ඉජිනේරුවරයාට ස්ථාන මාරුවක් ?

0
60

(  11.45 am ) මිගමුව නගර සභාව තුල පසුගිය කාලයේ දුෂණ චෝදනා වලට ලක්ව ඇති ඉජිනේරුවරයාට මේ මස 15වෙනිදා සිට ස්ථාන මාරුවක් ලබාදි ඇතැයි  වාර්ථා වේ.

කලින් හිටපු ලක්ෂ්මන් නැමැති සටකපට කොමසාරිස්වරයා මෙන්ම මෙම ඉජිනේරුවරයාද ලංසා පවුලේ උවමනාවන් වෙනුවෙන් මහනගර සභාව තුල කටයුතු කළ අය බව දැන් ප්‍රසිද්ධ රහසකි.

ඩඩ්ලි මාකර්ට් ගොඩනැගිල්ලට ආදාලව මෙන්ම ලංසා පවුලේ කුප්‍රකට කොන්ත්‍රාත්කරුවා වු  කොන්ක්‍රිට් චමින්ද නැමැත්තාටද වාසි වන අන්දමින්  මෙම නිලධාරියා කටයුතු කර ඇතැයි චෝදනා රැසකි.

මිගමුවේ හිටපු කොමසාරිස්තුමිය විසින් කොන්ක්‍රිට් චමින්දලාට තවදුරටත් නගර සභා කොන්ත්‍රාත් වලට අනවශ්‍ය ඇඟිලි ගැසිම් කිරිමට නොහැකි ලෙසින් නිසි පියවරයන් ගෙන තිබුන බවද නගර  සභා සේවකයන් කියා සිටිති.

ඇය ඉවත්විමත් සමඟින් මේ කොන්ත්‍රාත් යළිත් කොන්ක්‍රිට් චමින්දලාට  වාසි වන අකාරයෙන් කටයුතු කිරිමට මේ දිනවල අර අදිමින් සිටින බව දැනට ඉල්ල වි අලුත්ම චෝදනාවයි.

දැන් නව කොමසාරිස්වරිය දැඩි තීන්දු ගෙන මේ වංචනිකයන්ට එරෙහිව නිසි පරිදි කටයුතු කළ යුතුව තිබේ.

එමෙන්ම දුෂිත නිලධාරීන් වෙනුවට අවංක රාජ්‍ය  නිලධාරීන් ඇගේ සහයට ගත යුතුව තිබේ.

මේ 15 වෙනිදා සිට ක්‍රියාත්මක විමට නියමිතව ඇතැයි කියන ඉජිනේරුවරයාගේ ස්ථාන මාරුව වෙනස් කරගැනිමට ඇතැම් දුෂිත දේශපාලකයන් මේ දිනවල විවිධ උත්සාහයන් ගණිමින් සිටින බවද සැලය.

මිගමුවේ බදු ගෙවන ජනයා අතර විශ්වාසය ගොඩ නගා ගැනිමට නම් මේ දුෂිත නිලධාරීන්ව ඉවත් කොට සිය නිර්භිත බව පෙන්විය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here