ඡන්ද වාසි ගන්න මිගමු නගරාධිපති රු කෝටියක පොත් බෙදන්න යයි ?

0
338

ඡන්ද වාසි ගන්න බලාගෙන බෙදන්නට මිගමුව නගරාධිපති දයාන් ලංසා රු කෝටියකට ආසන්න මුදලකට මේ වන විට අභ්‍යාස පොත් ලබාගෙන ඇතැයි වාර්තා වන අතර මේ පොත් ටෙන්ඩරයට ආදල මිළදි ගැනිම් සිදුකර ඇත්තේ  මිගමුවේ එජාප නාගරික මන්ත්‍රිවරයෙකු විසින් බවද කියැවේ .

ඉතිහාසයේ සැම අවස්ථාවකම මේ පොත් මගඩියෙන් නාගරික මන්ත්‍රිලා ටෙන්ඩරකරුවා ඩිල් දමා දරුවන්ට බෙදන පොත් වලිනුත් ගසා කෑම් ගැන අප පසුගිය  අවස්ථා ගණනාවකදිම හෙළිදරව් කර ඇත

මෙම පොත් නගරාධිපතිට හිතවත් එජාප නාගරික මන්ත්‍රි බඩියන්ද ඇතුළු පිරිසට පමණක් ලබාදිමට මේ වන විට ලයිස්තු සකසා ඇතැයිද සැලය

මේ සම්බන්ධයෙන් මිගමුව නාගරික කොමසාරිස් ගේ මුග්ද හැසිරිම ගැන මිගමුවේ ප්‍රගතිශිලි නාගරික මන්ත්‍රිවරු විමතිය පළකර සිටිති.